බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් හේතුවෙන් බලංගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබේ.
පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ රාස්සගල පාර, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ සවස සැකකරු සහ ඔහුගේ පුතා, ඥාතීන් දෙදෙනෙකුද සමඟ පැමිණ මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති අතර පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කරමින් සිටියදී පහර කෑ පුද්ගලයා මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 68ක් වන එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ පුතා සහ තවත් සැකකරුවකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


