විශේෂාංග

ග්ලෝකෝමාව ඇස් පෙනීම නැති කරයි ! විසඳුම නිසි කලට ප්‍රතිකාර ගැනීම

ලෝකයේ ග්ලෝකෝමාව නිසා මිලියන 4.5 ක් පමණ ජනතාව අන්ධභාවයට පත්ව ඇත.

තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ටිකතාවයෙන්පෙළෙති. ශ්‍රී ලංකාවේ ද දහස් ගණනක් මේ නිසා අන්ධභාවයට පත්ව ඇති අතර දහස් ගණනක් පමණ ජනතාව අල්ප දෘෂ්ටිකතාවයෙන් පෙළෙති. ඔබ වයස අවුරුදු 40 ට වැඩි නම්, පවුලේ ග්ලෝකෝමාවට ගොදුරු වූ සාමාජිකයින් සිටී නම්, අවිදුර දෘෂ්ටිකත්වයෙන් හෝ දියවැඩියා රෝගයෙන් පෙළේ නම්, ඇසට අනතුරක් සිදුව ඇත්නම්, ස්ටිරොයිඩ් ඖෂධ භාවිත කරන හෝ ඉතා ඝනකම ඇස් කණ්ණාඩි පළඳින අයෙක් නම් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පවසයි.

සෑම වසරකම මාර්තු මස මුල් සතිය ලෝක ග්ලෝකෝමා සතිය ලෙසත්, මාර්තු මාසය ලෝක ග්ලෝකෝමා මාසය ලෙසත් නම් කර ඇත. මෙම වසරේ මාර්තු මස 06 සිට 12 දක්වා යෙදී ඇති ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඇසේ පීඩනය වැඩිවීම නිසා සිදුවන තෙරපීමෙන් දෘෂ්ටි ස්නායුවට හානිවීම, දෑසේ පෙනුම ක්‍රමයෙන් අඩුවීම, අන්ධභාවයට පත්වීම ග්ලෝකෝමාව ලෙස හැඳින්වේ. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන මෙම රෝගය මුල් අවධියේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් දෑසේ පෙනුම ආරක්ෂා කර ගැනීමට පිළිවන.

මෙවර ග්ලෝකෝමා සතියට සමගාමීව රෝගය වැළඳීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු වස් ජාතික අක්ෂි රෝහල වැඩසටහන් රාශියක් සංවිධාන කර ඇත. ඒ අතර මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීම, නාරාහේන්පිට හමුදා රෝහලේ රෝගීන් පරීක්ෂාවක් සිදු කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම, ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම, මාර්ගෝපදේශ ලබා දීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම ආදිය ප්‍රමුඛතාවයක් ගනී.

ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කේ. ඒ. සැල්වින්, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන ඇතුළු
අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, අක්ෂි තාක්ෂණවේදීන් ඇතුළු විද්වත්හු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මොහාන් සමරනායක,
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

16 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

16 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago