විශේෂාංග

ග්ලෝකෝමාව ඇස් පෙනීම නැති කරයි ! විසඳුම නිසි කලට ප්‍රතිකාර ගැනීම

ලෝකයේ ග්ලෝකෝමාව නිසා මිලියන 4.5 ක් පමණ ජනතාව අන්ධභාවයට පත්ව ඇත.

තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ටිකතාවයෙන්පෙළෙති. ශ්‍රී ලංකාවේ ද දහස් ගණනක් මේ නිසා අන්ධභාවයට පත්ව ඇති අතර දහස් ගණනක් පමණ ජනතාව අල්ප දෘෂ්ටිකතාවයෙන් පෙළෙති. ඔබ වයස අවුරුදු 40 ට වැඩි නම්, පවුලේ ග්ලෝකෝමාවට ගොදුරු වූ සාමාජිකයින් සිටී නම්, අවිදුර දෘෂ්ටිකත්වයෙන් හෝ දියවැඩියා රෝගයෙන් පෙළේ නම්, ඇසට අනතුරක් සිදුව ඇත්නම්, ස්ටිරොයිඩ් ඖෂධ භාවිත කරන හෝ ඉතා ඝනකම ඇස් කණ්ණාඩි පළඳින අයෙක් නම් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පවසයි.

සෑම වසරකම මාර්තු මස මුල් සතිය ලෝක ග්ලෝකෝමා සතිය ලෙසත්, මාර්තු මාසය ලෝක ග්ලෝකෝමා මාසය ලෙසත් නම් කර ඇත. මෙම වසරේ මාර්තු මස 06 සිට 12 දක්වා යෙදී ඇති ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඇසේ පීඩනය වැඩිවීම නිසා සිදුවන තෙරපීමෙන් දෘෂ්ටි ස්නායුවට හානිවීම, දෑසේ පෙනුම ක්‍රමයෙන් අඩුවීම, අන්ධභාවයට පත්වීම ග්ලෝකෝමාව ලෙස හැඳින්වේ. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන මෙම රෝගය මුල් අවධියේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් දෑසේ පෙනුම ආරක්ෂා කර ගැනීමට පිළිවන.

මෙවර ග්ලෝකෝමා සතියට සමගාමීව රෝගය වැළඳීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු වස් ජාතික අක්ෂි රෝහල වැඩසටහන් රාශියක් සංවිධාන කර ඇත. ඒ අතර මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීම, නාරාහේන්පිට හමුදා රෝහලේ රෝගීන් පරීක්ෂාවක් සිදු කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම, ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම, මාර්ගෝපදේශ ලබා දීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම ආදිය ප්‍රමුඛතාවයක් ගනී.

ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කේ. ඒ. සැල්වින්, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන ඇතුළු
අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, අක්ෂි තාක්ෂණවේදීන් ඇතුළු විද්වත්හු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මොහාන් සමරනායක,
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

10 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago