දේශීය

ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනයට යොදවන ලෙස ජනපති උපදෙස් දෙයි.

ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස්රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම 14 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දෙනු ලැබිණ.

ඉකුත් පාලන කාලයේ දී ඇණවුම් කරන ලද දුම්රිය මැදිරි කට්ටල ගණන 160කි. එම ප්‍රමාණයෙන් දැනට දුම්රිය මැදිරි 120ක් මෙරටට ගෙන්වා ඇති අතර එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛ්‍යාව 40කි.

මෙතෙක් ධාවනයට එක් නොකළ මැදිරි සියල්ල කඩිනමින් ධාවනයට යොදවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ධාවනයේ යෙදවිය හැකි එහෙත් ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ අලුත්වැඩියා කර කෙටි දුර ධාවනයට එක් කරන ලෙසත් ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා එයින් සපුරා ගැනීමට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබිණ.

සියලු වෘත්තීය සමිති සහ සේවකයන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් ප්‍රවාහන පද්ධතියේ ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාව පීඩාවට පත් කරන, වෘත්තීය අරගල නතර කිරීමට සියලු පාර්ශ්වයන් අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රය විධිමත්ව පවත්වාගෙන යාමට අවධානය යොමුකළ යුතුය. තාක්ෂණය සහ නීතිරීති ක්‍රමවත් කිරීමෙන් බලපාන බොහෝ දුෂ්කරතා නිරාකරණය කරගත හැක. එසේම සංචාරකයන් ඉලක්ක කරගනිමින් සංචාරක කලාප ආවරණය වන පරිදි මගී සේවාවක් ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින සේවක අතිරික්තය බරපතළ ගැටලුවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර කිසිඳු සේවකයෙකු ඉවත් නොකොට නිසි පුහුණුවක් ලබා දී ඔවුන්ගේ සේවය ලබාගත හැකි ක්‍රමවේද කඩිනමින් සකස් කරන්නැයි ද ජනාධිපතිතුමා නිලධාරීන්ට කියා සිටියේය.

අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කොට ඉදිරියේ දී මගී ප්‍රවාහනය සඳහා විද්‍යුත් බස් රථ 100ක් ආනයනයට ඇති හැකියාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් ජනතාවගේ මැසිවිලි ගැන අවධානය යොමු කොට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට සියලු දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

බස් ගාස්තු වැඩි කොට මගී ජනතාව අපහසුතාවයට පත් කිරීමට රජය සූදානම් නැති බවත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමෙන් වර්තමානයේ ප්‍රවාහන සේවය මුහුණ දෙන ඇතැම් ගැටලුවලට ඒ තුළින් විසඳුම් සොයා ගත හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

19 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

19 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago