Thursday, April 23, 2026
Homeදේශීයරැකියා ස්ථානයේ ලිංගික හිංසන වළක්වන හැටි කියාදෙන පොත ජන ගත කෙරේ.

රැකියා ස්ථානයේ ලිංගික හිංසන වළක්වන හැටි කියාදෙන පොත ජන ගත කෙරේ.

රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සම්පාදිත ‘ඔබේ අයිතීන් දැනගන්න’ කෘතිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී එළි දැක්විණි.

file

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මූලිකත්වයෙන් සම්පාදිත මෙම අත්පොත සදහා USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයෙහි (NDI) සහය ද හිමිවී ඇත.

file

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනිය වන රෝහිණි කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන් විසින් මෙම කෘතිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විණි.

රැකියා ස්ථානයේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ලිංගික හිරිහැරවලදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය මෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකි පාර්ශ්ව සම්බන්ධකරගත හැකි විස්තර ද මෙම අත්පොතෙහි අන්තර්ගත කර තිබේ.

කාන්තාවට සිදුවන ප්‍රචන්ඩත්වයට එරෙහිව නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා අන්තර්ජාතිකව දියත් කරනු ලබන ‘16 Days Of Activism’ වැඩසටහනට සමගාමීව මෙම කෘතිය එළිදැක්වීම සංවිධානය කර තිබිණි.

:ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

READ:   බන්ධනාගාරයෙන් රෝහලට ගිය කෙහෙළිය රෝහලෙන් පාර්ලිමේන්තුවට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්