දේශීය

චමුදිත⁣ට තිබූ තර්ජන ගැන, අපි මීට පෙරත් පැමිණිලි කළා. ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලයි

පොලිස්පතිතුමා, 

පොලිස් මූලස්ථානය, 

කොළඹ.

පොලිස්පතිතුමනි,

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කළේය. ඒ සම්බන්ධයෙන් සමරවික්‍රම මහතා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. 

තමාට ජීවිත තර්ජනයක් ඇති බවත්, කිසියම් පිරිසක් තමා මරා දැමීමට උත්සාහ කරන බවත් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමරවික්‍රම මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර ඒ ගැන වමර්ශනයක් කරන ලෙස අප සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් ද කළේය. 

එවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න ගැන පොලිසිය අප සංගමයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද, පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කළේ නැත.

මාධ්‍යවේදියකුට පමණක් නොව ඕනෑම පුරවැසියකුට භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය හිමිවන අතර එය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සහ පොලිසියේ වගකීමක් බව අප සංගමයේ අදහසයි.

එසේ හෙයින් නිවසට ප්‍රහාරයක් එල්ලවීම ගැන ඔහුගේ පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට, 
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ඊමේල් – web.yjasl@gmail.com

පිටපත්

1) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම – මීට පෙර පැමිණිල්ලට ගත් ක්‍රියාමාර්ග ගැන සහ මෙම සිදුවීම ගැන  විමර්ශනයක් කිරීම සඳහා

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago