Saturday, April 18, 2026
Homeදේශීයචමුදිත⁣ට තිබූ තර්ජන ගැන, අපි මීට පෙරත් පැමිණිලි කළා. ඔහුගේ ජීවිත ආරක්ෂාව...

චමුදිත⁣ට තිබූ තර්ජන ගැන, අපි මීට පෙරත් පැමිණිලි කළා. ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලයි

පොලිස්පතිතුමා, 

පොලිස් මූලස්ථානය, 

කොළඹ.

පොලිස්පතිතුමනි,

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කළේය. ඒ සම්බන්ධයෙන් සමරවික්‍රම මහතා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. 

තමාට ජීවිත තර්ජනයක් ඇති බවත්, කිසියම් පිරිසක් තමා මරා දැමීමට උත්සාහ කරන බවත් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමරවික්‍රම මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර ඒ ගැන වමර්ශනයක් කරන ලෙස අප සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් ද කළේය. 

එවැනි ඉල්ලීමක් කරන්නේ ඇයිද යන්න ගැන පොලිසිය අප සංගමයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද, පැමිණිල්ල සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කළේ නැත.

මාධ්‍යවේදියකුට පමණක් නොව ඕනෑම පුරවැසියකුට භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය හිමිවන අතර එය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සහ පොලිසියේ වගකීමක් බව අප සංගමයේ අදහසයි.

එසේ හෙයින් නිවසට ප්‍රහාරයක් එල්ලවීම ගැන ඔහුගේ පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට, 
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ඊමේල් – web.yjasl@gmail.com

පිටපත්

1) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම – මීට පෙර පැමිණිල්ලට ගත් ක්‍රියාමාර්ග ගැන සහ මෙම සිදුවීම ගැන  විමර්ශනයක් කිරීම සඳහා

READ:   මෝටර් රථයකකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්