විශේෂාංග

අල්ලසට තිත තබන්නේ කොහොමද? (විශේෂාංග)

අල්ලස සහ දූෂණය සමාජය පුරා ඔඩු දුවා තිබෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි ඒ පිළිබඳව සමාජය තුළ වර්තමානයේ දීද කතා බහක් ඇතවී තිබෙන්නේ එබැවිනි. අල්ලස සහ දූෂණය ගැන කියැවෙන විටම එකී චෝදනාවලට මුලින්ම ලක්වන්නේ දේශප­ාලනඥයෝය. එසේ වුවද එය ගැඹුරින් අධ්‍යනය කරන විට පෙනී යන්නේ දේශපාලනඥයන්ට මෙන්ම ඊට සමගාමී රාජ්‍ය අංශය ඇතුළු සෑම අංශයක් තුළම අල්ලස් ලබා ගැනීම සහ ඒ ආකාරයේ දූෂණ පිළිබඳ තත්ත්වය පැතිර ගොස් ඇති බවය. ඇත්තෙන්ම අල්ලස් ගැනීම යනු පිළිකාවකි. එනිසා මේ ගැන සොයා බැලීම සැම අංශයකම වගකීමකි.

කොව්ඩ් තත්ත්වය නිසා පසුගිය වර්ෂය තුළ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වූයේ සීමිතව වන අතර ඒ තත්ත්වය තුළ පවා පසුගිය 2020 ජනවාරියේ සිට ඔක්තෝබරය තෙක් විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,680 ක් ලැබී තිබුණි. එයින් පැමිණිලි 1,240 ක් මේ වන විට වැඩිදුර විමසුමට කර තිබේ.

ඒ අනුව අල්ලස් පැමිණිලි 260ක්, විමර්ශණයට ලක් දූෂණ පැමිණිලි 887ක්, අයුතු වත්කම් ඉපයීම් සම්බන්ධ පැමිණිලි 39ක් හා වැටලීම් පැමිණිලි 54 ක් මේ පැමිණිලිවලට ඇතුළත්ය.

පැමිණි පැමිණිලි

එමෙන්ම පසුගිය මාස එකොළහ තුළ පමණක් අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිලි 1861 ක් පමණ තිබෙන අතර එයින් පැමිණිලි හත්සිය පනස් හයක් විමර්ශනයට කටයුතු යොදා තිබේ. එයින් පැමිණිලි තුන්සියයක් පමණ විමර්ශන පිණිස කොමිසමේ නීති අංශය වෙත යොමු කර තිබේ. මේ අතර අධ්‍යාපනයට අදාළ අල්ලස් ගැනීම් සම්බන්ධ විදුහල්පතිවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව ගත් කළ අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවලදී සහ ඒ ආශ්‍රිත දේ සම්බන්ධව අල්ලස් ගැනීම් සුලභ ලෙස වාර්තා වීම මෙරට අල්ලස් සහ දූෂණ පිළිබඳ සලකා බැලීමේදී සුවිශේෂ දෙයක් ලෙස සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වර්ෂයකදී අල්ලස් පැමිණිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වර්ෂයකටත් අඩු කාලයක් තුළ වාර්තා වීම සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි.

මේ තත්ත්වය අප රට තුළ පමණක් නොව ලොව පුරා බොහෝ රටවලට ඇතිව තිබෙන ප්‍රවණතාවකි. මෙම උවදුරින් මිදීමට නම් තනි තනිව නොව ලොව සියලු රාජ්‍ය එක්ව ක්‍රියා කළ යුතුය. එයට ප්‍රතිකර්මයක් ලෙස අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය 2003 දෙසැම්බර් 9 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එය අන්තර් ජාතිකව මෙන්ම මෙරට අල්ලස් ගැනීමට එරෙහි ජනමතයක් ඇති කිරීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. අල්ලස සහ දූෂණය කැපී පෙනෙන දෙයක් ලෙස පෙනුනද සමාජය තුළ මේ සඳහා දායක වන ප්‍රමාණය සියයට දහයකටත් අඩුය. එනිසා එවැනි සුළු පිරිසක් නිසා පීඩාවට පත්වන පිරිස විශාලය. එනිසා මෙම නරක දේ වළක්වා ගැනීම සඳහා ක්‍රමානුකූල සහ ස්ථිර වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීම ඉතාමත් වැදගත්ය.

ජාතික සම්මුතිය

ඒ අනුව නීතියේ ආධිපත්‍යය ඇති කිරීම මඟින් සංවර්ධන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙම සම්මුතිය නිර්මාණය කර ඇති අතර දූෂණ හා අපරාධ මඟින් රටක සංවර්ධනයට, ආයෝජනවලට, වෙළෙඳාමට, කීර්ති නාමයට, සමාජ සාධාරණත්වයට නරක ප්‍රතිඵල අත්කර දෙන බව විමසා බැලිය හැකිය.

වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළද දූෂණය අල්ලස වැළැක්වීම සහ එය පිටුදැකීම සඳහා නිසි වැඩපිළිවෙළක් ඇති කර ඇති අතර එම වැඩපිළිවෙළ ජාතික ප්‍රතිපත්තයක් ඇති කර ගැනීම මඟින් දීර්ඝ කාලීනව ඇති වන දූෂණ සහ අල්ලස් ගැනීමේ අනිටු ප්‍රතිඵල වළක්වා ගත හැකිය.

මේ සම්මුතිය සඳහා ලොව පුරා රාජ්‍යයන් 186 එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අස්සන් කර තිබේ.

එමෙන්ම අල්ලස සහ දූෂණය යන රට පුරා සහ ලෝකය පුරා පැතිර ඇති වසංගතයක් බඳු පිළිකාවක් බඳු අල්ලස දූෂණය වැළැක්වීමට මෙම අන්තර් ජාතික සම්මුතීන් ලොකු පිටිවහලක් ලබා දුන්නද එය රට තුළ බිම් මට්මමෙන් ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය. ගමේ බිම් මට්ටමේ සිටින ඇතැම් නිලධාරීන්ගේ සිට අමාත්‍යාංශවල නිලධාරීන් දක්වා තරාතිරමකින් තොරව අල්ලස් ගැනීම යන විෂමාචාරයේ නියැළී සිටිති.

එයට හේතුවක් වන්නේ මෙමගින් සාමාන්‍ය පුද්ගලයකුට සුදුස්සෙකුට තම අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට ඇති අවස්ථා ගිලිහී ගොස් ඇති හැකි සහ ජාවාරම්කාර පෙළැන්තියට අනිසි මාර්ග මගින් තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට පුළුවන් වීම සහ සාධාරණ සහ නීතියට අනුව වැඩ කරන පුරවැසියනට ඒ අවස්ථාව ගිලිහී යාමය.

එය දූෂණය අල්ලස වැළැක්වීම සාධාරණ සහ සැමට සමාන අවස්ථා සහ නීතිය සාධාරණ ලෙස ඇති කිරීමට හැකියාව ලැබෙනු නියතය.

දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහි වීමට එහි වැසියන් හට වුවමනාවක් සහ නැඹුරුවක් ඇත්නම් පමණි. දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රට වැසියා එය නො ඉවසීමයි. දූෂණයට එරෙහි සටනේ දී රටවැසියා බල ගැන්වීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය.

නාස්තිය සහ දූෂණය පිටුදැකීම තම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් වුවද එය ආණ්ඩුවකට පමණක් සිදු කළ හැකි දෙයක් නොවේ. එයට පුරවැසි දායකත්වය උපරිමයෙන් තිබිය යුතුය. එමෙන්ම මෙහිදී පුරවැසි වගකීම ගිලිහී යාම අල්ලසට සහ දූෂණයට අනුබල දෙන ආකාරයට වැඩ කිරීමය. එය ඇත්තෙන්ම සිදු නොවිය යුත්තකි. අද පවා මේ පුරවැසි වගකීම නිසි ලෙස ඉටු වනවාද යන්න සලකා බැලිය යුතුය. එයට හේතුවක් ලෙස සඳහන් කළ හැක්කේ පුරවැසියන්ද අල්ලසක් හෝ සන්තෝසමක් ලබා දී තම වැඩය කර ගැනීමය. එය කිසිසේත්ම හොඳ පූර්වාදර්ශයක් නොවේ.

වින්‍යානුකූල සමාජයක්

මෙහිදී අල්ලස දූෂණය වැළැක්වීම එයට එරෙහිව සමාජ මතයක් ඇති කිරීම එකවර සිදු කළ නොහැකිය. එයට හොඳම විකල්පය බවට පත්ව ඇත්තේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව විෂායානුකූලව දැනුම්වත් කිරීමය. එමඟින් අනාගත පරපුර අල්ලස් ගැනීම අල්ලස් ලබා දීම ලජ්ජාවට කරුණක් බවට සිතන තැනට කටයුතු සිදුවනු ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස ඉදිරිපත් නොවීමද දූෂණය වැඩි වීමට සහ එසේ ලබා ගන්නා අනිසි මුදල් සහ සම්පත් හෙළිදරව් නොවීමටද හේතුවක්ව තිබේ. එනිසා මේ ගැනද අවධානය යොමු කර එම ප්‍රකාශ පහසු ආකාරයට ලබා දීමට හැකි ලෙස වඩාත් පහසු ලෙස කාර්ය කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කළ යුතුය.

එමඟින් මෙම දුෂණ සහ අල්ලස් ගැනීම සහ එහි අයහපත් ප්‍රතිඵල නැති කර ගැනීමට පුළුවන. එයට තාක්ෂණය යොදා ගැනීම සහ නූතන තාක්ෂණය ලබා ගැනීම වඩාත් හොඳ සහ සාර්ථක ප්‍රවේශයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. එනිසා මෙම කාර්ය සඳහා නූතන තාක්ෂණ ක්‍රමවේද යොදා ගැනීම ඉතාමත් වැදගත් දෙයක් ලෙස සඳහන් කිරීම නිවැරැදිය.

මේ අතර මෙම විෂය අංශවල ප්‍රවීණත්වයක් ඇති නිලධාරීන් සේවයට බඳවා ගැනීමට කටයුතු කළ යුතු අතර එයින් ලොකු පිටිවහලක් අල්ලස සහ දූෂණය පිටු දැකීමට ලැබෙනු ඇත. එනිසා මේ කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කාලීන දෙයක් වන අතර රට ආර්ථික සහ සමාජීය ලෙස දියුණු රටක් බවට පත් කිරීම සඳහා අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රමුඛ කාර්යක් ලෙස සඳහන් කළ හැකි අතර එමඟින් දූෂණයෙන් තොර අල්ලසින් තොර රටක් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා දේශපාලන බල අධිකාරිය මෙන්ම ජනතාවටද ලොකු වගකීමක් තිබේ. ඒ වගකීම් නිසි ලෙස ඉටු කළහොත් අපට වඩාත් හොඳ රටක් බිහි කර ගත හැකිය.

-උදිත ගුණවර්ධන

Recent Posts

ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – Cockroach Movement විරෝධතාවලට ජය

ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…

1 hour ago

වසර 150කින් ප්‍රබලතම El Niño? 2026 ගැන විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීමේ ඇත්ත…

ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…

1 hour ago

Used විදුලි මෝටර් රථයක් මිලදී ගන්න හොඳම කාලයද? මෙන්න ලෝකයේ හොදම Used EV 5 අලුත්ම වාර්තාව.

විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…

3 hours ago

Sri Lankan Actor Mahendra Perera Wins Best Actor at Malaysia Golden Global Awards 2026

Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…

14 hours ago

මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…

14 hours ago

Sri Lankan Educator Bernadine Jayasinghe Honoured with Inspirational Educator Award at the House of Lords, UK Parliament

London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…

18 hours ago