පළාත් 8ක් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තියේ දැඩි අවදානම්කාරි වර්ධනයක් පෙන්නුම් කරමින් ගෙවුණු සතිය තුළ පමණක් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රෝගීන් 2,057ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තාවල දැක්වේ.පවතින තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතට වැඩි අවධානයක් දෙමින් දකුණු, මධ්‍යම, උතුරු, සබරගමුව, නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් අට තුළ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ 90ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇත.
පසුගිය වසරේ ගෙවුණු සති 52ක කාලය තුළ ඩෙංගු රෝගය වැලඳී දිවයිනේ රෝහල් 32කට ඇතුළත් වූ සමස්ත රෝගීන් ගණන 697ක් වුව ද මේ වසරේ ඉකුත් සතියේ පමණක් ඩෙංගු රෝගීන් 653ක් දැනට රෝහල්ගතව ඇතැයි එම වාර්තාවන්හි සඳහන් වේ.පසුගිය 2021 වසරේ ජනවාරි මාසයේ පළමු සතියේ ඩෙංගු රෝගීන් 484ක් පමණක් වාර්තා වූ අතර, ඒ අනුව මෙවර රෝගීන් 1573ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව එම වාර්තාවේ සඳහන්ය. ඉකුත් සතියේ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් දහස ඉක්ම වූ බහුතරයක් වූ රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, ඉන් පිළිවෙළින් කොළඹ 563ක්, ගම්පහ 457ක් සහ කළුතර 180ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.
බස්නාහිර පළාතෙන් පිටත වැඩිම රෝගීන් කුරුණෑගල (115) , පුත්තලම (104), ගාල්ල (95) සහ මහනුවරින් (89) වාර්තා වී තිබේ.
පවතින තත්ත්වය හේතුවෙන් අදාළ පළාත් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇති අතර, ජනතාව ද දැඩි සැලකිල්ලෙන් යුතුව නිරන්තරයෙන් පරිසරය පිරිසුදු කිරීම ඔස්සේ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස එම ඒකකය ඉල්ලා සිටී
දිනමිණ පුවත්පතෙන්
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…