විශේෂාංග

මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘සහෝ’ට එතෙරින් සම්මාන රැසක්.

සරසවි ජීවිතයේ ආදරය සහ අරගලයන් පාදක කරගනිමින් මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ‘සහෝ’ සිනමාපටය ඉතාලියේ රොබින්සන් සිනමා සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මාන දිනාගත්තේය. ‘සහෝ’ සිනමාපටය ඉන්දියාවේ පැවති ගොල්ඩන් ලීෆ් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී ‘ආසියානු හොඳම වෘත්තාන්ත සිනමාපටය’ සඳහා වන සම්මානය හිමිවිය. මීට අමතරව ප්‍රංශයේ කාන් චිත්‍රපට උලෙළේ ‘නිල තේරීම’ හා ‘දෙවැනි වටයට’ තේරීම සුවිශේෂී ජයග්‍රහණ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. සහෝ ස්වීඩනයේ ‘බෝඩ්න්’ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ අවසන් වටයටත් එංගලන්තයේ ෆර්ස්ට් ටයිම් ෆිල්ම් මේකර් චිත්‍රපට උලෙළ, ලිෆ්ට් ඕෆ් ග්ලෝබල් නෙට්වර්ක් චිත්‍රපට උලෙළ සහ බෙල්ජියමේ බස්ල ධ්ජ්ජ් නෙට්වර්ක් සිනමා උලෙළයන්හි ‘නිල තේරීම’ සඳහාද මේ වනවිට සුදුසුකම් ලබා තිබේ. ‍ දසුන් පතිරණ, ධිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ, සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ ‘සහෝ’ සිනමාපටයට රංගනයෙන් දායකවී ඇත. සංගීත අධ්‍යක්ෂණය තරුපති මුණසිංහ, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය හා ශබ්ද පරිපාලනය ඩිලාන් ගුණවර්ධන, සහාය අධ්‍යක්‍ෂණ යසරත් සේනාරත්න නිෂ්පාදන සැලසුම්කරණය ගයාන් මධුසංක, විධායක නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, අංගරචනය ලක්ෂිත ජයකොඩි, ඇඳුම් නිර්මාණකරණය මනෝරි චන්ද්‍රදාස ගෙනි. ඉන්ද්‍රචාප ලියනගේ හා උපේකා නිර්මාණී ගායනයෙන් දායක වී ඇත.’සහෝ’ සිනමාපටය නිෂ්පාදනය කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ විසින්.

-සරසවිය පුවත්පතෙන්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago