Thursday, April 23, 2026
Homeවිශේෂාංගමහාචාර්ය ආරියරත්න ඇතුගලගේ 'සහෝ'ට එතෙරින් සම්මාන රැසක්.

මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘සහෝ’ට එතෙරින් සම්මාන රැසක්.

සරසවි ජීවිතයේ ආදරය සහ අරගලයන් පාදක කරගනිමින් මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ‘සහෝ’ සිනමාපටය ඉතාලියේ රොබින්සන් සිනමා සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මාන දිනාගත්තේය. ‘සහෝ’ සිනමාපටය ඉන්දියාවේ පැවති ගොල්ඩන් ලීෆ් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී ‘ආසියානු හොඳම වෘත්තාන්ත සිනමාපටය’ සඳහා වන සම්මානය හිමිවිය. මීට අමතරව ප්‍රංශයේ කාන් චිත්‍රපට උලෙළේ ‘නිල තේරීම’ හා ‘දෙවැනි වටයට’ තේරීම සුවිශේෂී ජයග්‍රහණ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. සහෝ ස්වීඩනයේ ‘බෝඩ්න්’ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ අවසන් වටයටත් එංගලන්තයේ ෆර්ස්ට් ටයිම් ෆිල්ම් මේකර් චිත්‍රපට උලෙළ, ලිෆ්ට් ඕෆ් ග්ලෝබල් නෙට්වර්ක් චිත්‍රපට උලෙළ සහ බෙල්ජියමේ බස්ල ධ්ජ්ජ් නෙට්වර්ක් සිනමා උලෙළයන්හි ‘නිල තේරීම’ සඳහාද මේ වනවිට සුදුසුකම් ලබා තිබේ. ‍ දසුන් පතිරණ, ධිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ, සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ ‘සහෝ’ සිනමාපටයට රංගනයෙන් දායකවී ඇත. සංගීත අධ්‍යක්ෂණය තරුපති මුණසිංහ, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය හා ශබ්ද පරිපාලනය ඩිලාන් ගුණවර්ධන, සහාය අධ්‍යක්‍ෂණ යසරත් සේනාරත්න නිෂ්පාදන සැලසුම්කරණය ගයාන් මධුසංක, විධායක නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, අංගරචනය ලක්ෂිත ජයකොඩි, ඇඳුම් නිර්මාණකරණය මනෝරි චන්ද්‍රදාස ගෙනි. ඉන්ද්‍රචාප ලියනගේ හා උපේකා නිර්මාණී ගායනයෙන් දායක වී ඇත.’සහෝ’ සිනමාපටය නිෂ්පාදනය කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ විසින්.

-සරසවිය පුවත්පතෙන්

READ:   රුක්මණී දේවි ඉපදුණු පෙරට්ටාසි රෝහල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්