විශේෂාංග

කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වයට එරෙහි වෙමු

රක්වාන ප්‍රදේශයේ ගමක හැදුනු වැඩුනු ගුණවතී ගේ දැන් වයස අවුරුදු 45 ක්. ඇය වයස අවුරුදු 17 පටන් ගෙවල් වල ගෘහ සේවයේ යෙදෙයි. මේ කාලය තුළ ඇය නොයෙක් තාඩන පීඩන හා විවිධ හිංසාවන්ට ගොදුරු වූ අතර, බියෙන් සහ තැතිගැන්මෙන් යුතුව සිය රැකියාව කරන ලද්දේ සිය බාල සහෝදරයන්ට අධ්‍යාපනය ලබාදීමටත් ඔවුන්ගේ කුසගින්න නිවීමේ මහත් වූ ආර්ථීක බර ඇය මත පැටවී තිබූ නිසාවෙනි. එහෙත් මේ කතාවට අමතරව ඇය නොකියන කතාවක්ද ඇත. එනම් ගෘහ සේවයේ යෙදෙන කාලය තුළ ඇයට නොයෙක් අවස්ථා වලදී සිදුව ඇති ලිංගික හිරිහැර පිළිබද කටුක කතාවයි.

ගුණවතී මෙන් තවත් කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ ගෘහ සේවයේ යෙදෙයි. එබැවින් මෙරට ගෘහ සේවයේ කාන්තාවට වැදගත් සුනිසි වැඩ තත්වයක් සහිත පරිසරයක් බිහිකිරීමට ශ්‍රී ලාංකේය අපි සැවොම කටයුතු කළ යුතුය. ඇගේ සේවයට ගෞරවනීය වටිනාකමක් එක්කළ යුතුය. මේ සදහා C‍-189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ශ්‍රී ලංකාවේ අපරානුමත කළ යුතුය. ඒ වෙනුවෙන් සදාචාර සම්පන්න සමාජයක සිටින පුරවැසියන් ලෙස සැමට විශාල වගකීමක් පැවරී ඇත.

ගෘහ සේවයේ යෙදෙන කාන්තාව ආර්ථීකයට දක්වන දායකත්වය පැසසුමට ලක්විය යුතුය. නමුත් සමාජ ආකල්ප මත, කුළය ජාතිය හෝ ලිංගිකත්වය පදනම් කරගෙන ගතානුගතිකව ඇයට අඩු පිළිගැනීමක් හෝ ඇගේ සේවයට සරිලන සාධාරණ වැටුපක් ලැබීමේ අයිතිය ඇගෙන් ගිලිහී ඇත. අඩු අධ්‍යාපන මට්ටම හේතුවෙන් ඇයට වෘත්තීමය වශයෙන් ලැබිය යුතු වටිනාකමක් ලැබී නොමැත.

ඒ වෙනුවට හිංසනය හා ලිංගික ප්‍රචන්ඩත්වයට ඇය ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. මේ කාරණා හේතුවෙන් C‍-189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ශ්‍රී ලංකාවේද අපරානුමත කිරීමෙන් මෙරට ගෘහ සේවයේ යෙදෙන කාන්තාවගේ අයිතීන් සුරක‍ෂිත වනවා මෙන්ම, ඇයට සුනිසි වැඩකරන පරිසරයක් ගොඩනැගීමට දායකත්වය සැපයිය හැක. ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික බලධාරීන්ගේ අවධානය යොමුවීමේ අවශ්‍යතාවය කැපී පෙනේ.

එසේම සෙසු ශ්‍රී ලාංකීය සැමගේ අවධානය ක‍-189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ශ්‍රී ලංකාවේද අපරානුමත කිරීම කෙරෙහි යොමු විය යුතුය. මෙරට ගෘහ සේවයේ යෙදෙන වෘත්තිකයින් ප්‍රමාණයෙන් 76% ක් ම කාන්තාවන්ය. එය විශාල ප්‍රමාණයකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ වැඩ කරන කාන්තා මධ්‍යස්ථානය (CWW) එක්ව ශ්‍රී ලංකාව තුළ C‍-189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය අපරානුමත කිරීමට විශාල කැපකිරීමක් සහ මැදිහත්වීමක් සිදුකරන්නේ කිසිදු හේතුවක් මත අසමානතාවයන් සමාජය තුළ පැන නොනැගීමටය. 2011 ජුනි 16 පැවැති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ දී C189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කර සුනිසි වැඩකරන පරිසරයක් ගෘහ සේවයට ඇතිකිරීමේ සමාජ සාධාරණත්වය අවධාරණය කර ඇත.

ළමා ශ්‍රමිකයින් පිළිබ`ද රෙගුලාසි සහ මාතෘසුරක‍ෂිතතාවය ආදියට අදාල නීති C‍-189 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය මගින් පනවා ඇත.

2019 වසරේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මගින් රැකියා ස්ථානය තුළ හෝ රැකියාව කරන අතරතුර කාන්තාවන්ට සිදුවන හිංසන හා ප්‍රචන්ඩත්වය පිළිබද අවධානය යොමුකරමින්, කාන්තාවන්ට සිදුවන සිය¨ ආකාරයේ ශාරීරික හා මානසික හිංසන, ලිංගික හිංසන, ආර්ථීකමය හානි, ස්ත්‍රීත්වය පදනම් කරගත් වෙනත් පීඩාවන් ගෙන් වැඩකරන කාන්තාව ආරක‍ෂා කරගැනීම ඉලක්ක කරගෙන C-190 ජාත්‍යන්තර කම්කරු සම්මුතිය ඉදිරිපත් කර ඇත. වැඩ පැය ගණන පිළිබද නිර්ණායක මෙන්ම එහිදී ඇගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය පිළිබද අවධානය යොමු කිරීමට මෙම C‍-190 මගින් පෙළඹවීමක් සිදු කරයි.

වැඩබිම තුළ තම ශ්‍රමය සදහා වටිනාකමක් ලැබීම, සුරක‍ෂිතතාවය හා ඇගයීමක් ලැබීමේ අයිතිය පිළිබදව ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් වැඩකරන කාන්තා මධ්‍යස්ථානය (CWW) සහ ජාතික කම්කරු සංගමය එක්ව ක්‍රියාවට නංවා ඇත.

C‍-189 හා C‍-190 ජාත්‍යන්තර කම්කරු සම්මුතීන් මගින් රැකියා සදහා විදේශගත කාන්තාවන් මෙන්ම කාන්තා වෘත්තිකයින්ට බලපාන සමාජ සාධාරණත්වය වෘත්තීය පිළිගැනීම තහවුරු කරන නීති සහ කෙටුම්පත් සැකසීමට නිසි මග පෙන්වීම මෙන්ම, උපදෙස් සැපයීම සිදු කෙරේ. මෙහිදී නීති සම්පාදකයින් ඉලක්ක කරගෙන ඔවුන්ගේ කෙටුම්පත් ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් සැපයීම හා පෙළඹවීම සිදුවේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා වැඩකරන කාන්තා මධ්‍යස්ථානය (CWW) එක්ව C‍-189 හා C‍-190 ජාත්‍යන්තර කම්කරු සම්මුතීන් ශ්‍රී ලංකාවේ අපරානුමත කිරීම මගින් මෙරට ගෘහ සේවයේ යෙදෙන කාන්තාවගේ වෘත්තීය සුරක‍ෂිත බව මෙන්ම ඇගේ වෘත්තියට පිළිගැනීමක් හා සුනිසි වැඩකරන පරිසරයක් ඇතිකිරීමට හේතු සාදක වේ.

එසේම වැඩකරන ස්ථානයේ සිදුවන හිංසන හා ප්‍රචන්ඩත්වයෙන් කාන්තාව ආරක‍ෂා කර ඇගේ වැඩ පැය ප්‍රමාණය තහවුරු කර, ඇයට සුනිසි වැඩකරන පරිසරයක් ගොඩ නගා දිය හැක. මේ සදහා සිය¨ දෙනාම අවධානය යොමු කළ යුතු අතර C‍-189 හා C‍-190 ජාත්‍යන්තර කම්කරු සම්මුතීන් ශ්‍රී ලංකාවේ අපරානුමත කිරීමට අදාල බලධාරීන් පෙළඹවීම වගකීමක් සේ සලකා කටයුතු කළ යුතුය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

8 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago