දේශීය

බෝග වර්ග හතක බීජ ආනයනය ලබන වසරේ සීමා කිරීමට අවධානය

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු හා රටකජු යන බෝග හතේ බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය මේ වන විටත් දෙමුහුන් බීජ කිලෝ 1500 ක් නිෂ්පාදනය කර ඇති බවත්, බී ලූණු බීජ නිෂ්පාදනය මේ වන විට දඹුල්ල දිගම්පතන ගොවි බිම්වල සිදු කරන බවත් අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපලේ නිෂ්පාදනය වන බවද මෙහිදී අනාවරණය විය.

රතු ලූණු උඳු, රටකජු හා බඩඉරිඟු බීජ ද මේ වන විට සාර්ථකව නිෂ්පාදනය කෙරෙන බැවින් ලබන වසර අවසානයට පෙර මෙම බෝග සඳහා බීජ ආනයනය සීමා කෙළ හැකි බවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

බීජ ආනයනය සීමා කිරීමෙන් පමණක් නොනැවතී 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් අල හා බී ලූණු ආනයනය 35% හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බව මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ⁣සඳහන් කළේය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

14 hours ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

2 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

4 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

5 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

5 days ago

පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව අවුලක

මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…

6 days ago