මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු හා රටකජු යන බෝග හතේ බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.
නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය මේ වන විටත් දෙමුහුන් බීජ කිලෝ 1500 ක් නිෂ්පාදනය කර ඇති බවත්, බී ලූණු බීජ නිෂ්පාදනය මේ වන විට දඹුල්ල දිගම්පතන ගොවි බිම්වල සිදු කරන බවත් අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපලේ නිෂ්පාදනය වන බවද මෙහිදී අනාවරණය විය.
රතු ලූණු උඳු, රටකජු හා බඩඉරිඟු බීජ ද මේ වන විට සාර්ථකව නිෂ්පාදනය කෙරෙන බැවින් ලබන වසර අවසානයට පෙර මෙම බෝග සඳහා බීජ ආනයනය සීමා කෙළ හැකි බවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
බීජ ආනයනය සීමා කිරීමෙන් පමණක් නොනැවතී 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් අල හා බී ලූණු ආනයනය 35% හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බව මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…