Saturday, July 25, 2026
Homeදේශීයබිල්පත් නොගෙවූ මැතිඇමැතිවරුන්ට ජල සැපයුම විසන්ධි කිරීමට යයි

බිල්පත් නොගෙවූ මැතිඇමැතිවරුන්ට ජල සැපයුම විසන්ධි කිරීමට යයි

මේ දක්වා ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට හිග ජලබිල්පත් පවතින මැතිඇමැතිවරුන් සඳහා තවත් මාස දෙකකින් පසුව ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කතානායකවරයාට මේ සම්බන්ධයෙන් කළ දැනුවත්කිරීමකදී ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ඉල්ලා සිටි බවත් ඉන් පසු කතානායකවරයා විසින් මාස දෙකක් ඇතුලත ජල බිල්පත් ගෙවා අවසන් නොකරන මන්ත්‍රීවරුන්ගේ ජල සැපයුම් අත්හිටුවීමට අවසර ලබා දී ඇති බවත් ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කරනවා.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

READ:   මරදානේ Phone කඩේක හදිසි ගින්නක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්