Thursday, July 23, 2026
Homeදේශීයඅද ප්‍රදේශ කිහිපයකට පැය 16 ක් ජලය නවතියි

අද ප්‍රදේශ කිහිපයකට පැය 16 ක් ජලය නවතියි

අද (21) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ ප්‍රදේශ සඳහා මෙම ජලය අත්හිටුවීම අද (21) උදෑසන 8 සිට ක්‍රියාත්මකයි.

ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකියක පිරිසිදු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

READ:   පැය 20ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්