ක්‍රීඩා

ජැෆ්නා කිංග්ස් අවසන් කණ්ඩායම් 4 අතර සටනට කළින්ම එයි

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු තරගාවලියේ පරිදිම දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ද තවදුරටත් ප්‍රබලතම කණ්ඩායම තමන් යැයි ඊයේ (13 දා) ඔප්පු කර පෙන්වීය. මෙවර තරගාවලියේ පිට පිටම වාර්තා කරන ලද 5 වැනි තරග ජය ලෙසින් සටහන් වූ මෙම තරග ජයග්‍රහණයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට කල් තියාම සිය ස්ථානය වෙන්කර ගැනීමටද ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ඊයේ සමත්වූහ.

දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ 14 වැනි තරගය බවට පත් මෙම තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිල ලකුණු 69 කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත්වද්දී එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ පන්දු 64 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව සිය ඉලක්කය සපුරා ගත්හ.

ජැෆ්නා පන්දු යවන්නන් හමුවේ දඹුල්ල කණ්ඩායම දැවී ගිය ලකුණු 69, එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ ගිය වර ජැෆ්නා කිංග්ස් පිල හමුවේ කැන්ඩි කණ්ඩායම දැවී ගිය ලකුණු 105 වේ.

ඉලක්කය පහසු වූ බැවින් එය හඹා යෑම ද පිතිකරණ පුහුණුවක් බවට ජැෆ්නා කණ්ඩායම පත් කර ගත්තේය. එහිදී මෙතෙක් ලකුණු අතරට පැමිණීමට අපොහොසත්ව සිටි කණ්ඩායම සතු වටිනාම ක්‍රීඩකයා වූ වනිඳු හසරංගව අංක 3 පිතිකරණ ස්ථානය දක්වා උසස් කරමින් පන්දුවට පහර දීමට එවීම කැපී පෙනුණි. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟ පන්දු 18 කදී වේගවත් 37 ක් ලබා මෙතෙක් සිරකගෙන සිටි පිතිකරණ කුසලතාවයද ඔප්නංවා ගත්තේය.

උපුල් තරංගව මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව තිබියදී ඉම්රාන් තහීර් දවා ගත්තත් අනෙක් අන්තය ආරක්ෂා කරගත් අවිෂ්ක ප්‍රනාන්දු, අපේක්ෂිත පිතිකරණ පුහුණුව ලබා ගැනීමට වනිඳුට අවස්ථාව ලබා දුන්නේය. කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය ජැෆ්නා කිංග්ස් පිල සපුරා ගනිද්දී අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 17 කට මුහුණ දී ලකුණු 22 ක් ලබා සිටියේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දු යැවීම තෝරා ගත් ජැෆ්නා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ කාර්යය සාධනය ඉතා ඉහළ මට්ටමක පැවැතිණ. එහි පළමු සාර්ථක ප්‍රතිඵලය පළමු පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ලබා දීමට මහීෂ් තීක්ෂණ සමත්විය. සියල්ල කණ පිට හැරුණේ නිරෝෂන් දික්වැල්ලගේ අවදානම් සසහගත රිවර් ස්වීප් පහරත් සමඟින් වූ අතර එතැන් පටන් ම දඹුල්ල පිලට යළි හිස එසවීමේ අවස්ථාවක් තීක්ෂණ ප්‍රමුඛ ප්‍රතිවාදී පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන්හ.

කිසිසේත් අපේක්ෂා නොකළ වූ කණගාටුදායක දඹුල්ල ලකුණු පුවරුවේ පිල් සෝල්ට් (23) සහ තරිඳු රත්නායක (14) ලකුණු 10 සීමාව ඉක්මවා රැස් කර ගත්තා හැරුණු කොට සෙසු සියලුම පිතිකරුවෝ දුරකතනයේ සටහන් අංක වල අගයන් සටහන් කරමින් දැවී ගියහ. ඔවුහු කිසි විටෙකත් තණතීරුවේ තත්ත්වයන් වලට අනුගතවීමක් නොපෙන්වූ අතර එය තමන්ගේ වාසියට කරකවා ගත් ජැෆ්නා පන්දු යවන්නෝ එක පිට එක කඩුලු දවා ගනු ලැබුවේ ප්‍රතිවාදීන්ට සැනසිල්ලට කිසිවක් ඉතිරි නොකිරීමට වග බලා ගනිමිනි.

කඩුලු දැවී යෑමේදී ආරක්ෂක පිළිවෙළක් අනුගමනය කරමින් පිටියේ ස්ථාවර වීම වනවා නොවන්නට පීඩනය අතරින් සෑම පිතිකරුවකුම ලකුණු සොයා ගියහ. එහි භයානක ප්‍රතිඵලය බවට පත්වූයේ දඹුල්ල ඉනිම පන්දුවාර 14 කුත් පන්දුවකදී නිමාවට පත්වීමයි.

වේග පන්දු යවන්නකු ලෙසින් අවසන් 11 දෙනා අතරට එකතු එකම ක්‍රීඩකයා වූයේ උස්මාන් ශින්වාරි වන අතර ඔහුට අද තරගයේදී එකම පන්දු වාරයක් හෝ යැවීමට අවස්ථාවක් නොවීය. ජැෆ්නා කිංග්ස් දඟ පන්දු යවන්නෝ ඒ තරම්ම හොඳින් සිය කාර්යය භාරය ඉටු කළහ. දැවී ගිය කඩුලු 10 කඩුලු 4 ක් චතුරංග ද සිල්වාගේ නම ඉදිරියෙන් සටහන් වුවද ඔවුන් අතර තරුව බවට පත්වූයේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගත් මහීෂ් තීක්ෂණය. නිරෝෂන් දික්වැල්ල සහ ෂොයෙබ් මක්සූඩ්ව පිට පිට පන්දු 2 කදී දවා ගත් දකුණත් දඟ පන්දු යවන්නා තෙවැනි පිතිකරුවා ලෙස නුවනිඳු ප්‍රනාන්දුව පිටියෙන් ඉවත් කරන විට දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 09 ක් ලෙසින් සටහන් ව තිබිණ.

අනතුරුව සිය වමතේ රංගනය ඇරැඹූ චතුරංග ද සිල්වා ඔහුගේ බාල සොහොයුරා වන වනිඳු හසරංග සමඟ කඩුලු දඩයමේ නිරත වූහ. දඹුල්ල ඉනිමේ ක්‍රියාත්මක පන්දුවාර 14 න් 8 ක්ම අයියා – මලෝ විසින් ක්‍රියාත්මක කරද්දී මතු පිට දඟ කැවීම, වේගය සහ පාලනයකින් යුතු පන්දු හමුවේ චතුරංගගේ නම ඉදිරියෙන් කඩුලු 4 ක්ද හසරංගගේ නම ඉදිරියෙන් එක් කඩුල්ලක් සටහන් විය. ජයන්ට්ස් ඉනිමේ ක්‍රියාත්මක පන්දුවාර 14.1 ම දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කිරීමද කැපී පෙනෙයි.

තරගයේ වීරයා – චතුරංග ද සිල්වා

ලකුණු සාරාංශය

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 69 යි – (පිල් සෝල්ට් 23, තරිඳු රත්නායක 14, චතුරංග ද සිල්වා 16/4, මහීෂ් තීක්ෂණ 21/3, වනිඳු හසරංග 16/1, ෂොයෙබ් මලික් 14/1, අෂේන් බණ්ඩාර 00/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 9.2 කදී කඩුලු 3 ට ලකුණු 73 යි – (වනිඳු හසරංග 37, අවිෂ්ක ප්‍රනාන්දු 22*, ඉම්රාන් තහීර් 21/2, ජොෂ් ලිට්ල් 07/1)

  • -ශ්‍රී ලංකා ක්‍රිකට් (Chamila Karawita)

Recent Posts

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

12 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

12 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

21 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

21 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago