Wednesday, June 17, 2026
Homeක්‍රීඩාකෝටි 69ක් දී මුම්බායි ඉන්දියන්ස් පාණ්ඩ්‍යාගේ ගැටලුව විසඳයි

කෝටි 69ක් දී මුම්බායි ඉන්දියන්ස් පාණ්ඩ්‍යාගේ ගැටලුව විසඳයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණූඩ්‍යා ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

ඒ ඔහු මෙතෙක් ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙනු යි.

හර්දික් පාණ්ඩයා නිදහස් නොකරන බව ගුජරාට් ටයිටනස් කණ්ඩායම පසුගිය දා නිවේදනය කර තිබුණා.

කේස් වෙතත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 59 කට (ඉන්දීය රුපියල් කෝටි 15කට) තක්සේරු වී සිටි හර්දික්, එම නිවේදනයෙන් පැය දෙකකට පසු රුපියල් කෝටි 69කට (ඉන්දීය රුපියල් කෝටි 17.5කට) අලෙවි වී තිබෙනවා.

ඒ ඉකුත් 26 වනදා පස්වරු 5.25ට පමණ හර්දික් නිදහස් නොකරන බවට ගුජරාට් ටයිටන්ස් කළ නිවේදනයෙන්,පසු එනම් එදින පස්වරු 7.25 වන විට මුම්බායි ඉන්දියන්ස් විසින් පාණ්ඩ්‍යා මිලදී ගැනීමෙන්.

30 හැවිරිදි හර්දික් පාන්ඩ්‍යා මිලදී ගැනීමේ දී මෙතෙක් කණ්ඩායමේ සිටි ආචර් සහ තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   වසරේ ටෙස්ට් ක්‍රීඩකයා තේරීමේ සටනට දිමුත්ගේ නමත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්