විශේෂාංග

මේක වසර 9ක සේවා කාලයට සමුදීලා ගෙදර ඉන්නකොට ලැබිච්ච තෑග්ගක් – රූපවාහිනී සම්මාන උලෙළේ සම්මානිත මනෝජ් රත්නායක

මේක මගේ අවසාන සම්මාන දෙක. ආයෙ කවදාවත් මම චැනල් එකක වැඩ කරන්නේ නැහැ. වසර 9ක සේවා කාලයට සමුදී ගෙදර ඉන්නකොට ලැබිච්ච තෑග්ගක් මේ සම්මාන දෙක ගොඩක් බරයි. ඒක ඇතුළෙ දුක හිතෙන කතා ගොඩක් තියෙනවා. කොටින්ම කිව්වොත් මේ නිර්මාණ ඇගේ අමාරුවට කරපු දේවල්

පසුගියදා නිමාව දුටු 2020 රූපවාහිනී සම්මාන උළෙලේ සම්මානලාභීන් අතර සම්මාන දෙකකට හිමිකම් කියූ මනෝජ් රත්නායක සිළුමිණ රසඳුන සමඟ කළ කතාබහයි මේ. ඔහු සිරස ටීවී.නිවුස් ෆස්ට් හිටපු වැඩසටහන් නිෂ්පාදක/ප්‍රවෘත්ති නිෂ්පාදක ලෙස කටයුතු කළේය.

මෙවර රූපවාහිනී සම්මාන උළෙලේ ලැබුණු සම්මාන දෙක ගැන

මේක මම රාජ්‍ය සම්මානයට අයදුම්කරපු දෙවැනි පාර. අනික සිරස ටීවී එක මේ පාර ලබාගත් එකම සම්මානය (අැගයීම් සම්මානයක් හැර විදෙස් වැඩසටහනකට). මටත් මම කරන වැඩ කොහොමද කියලා දැනගන්න ඕනකමක් තිබ්බා. මම වැඩසටහන්වල ප්‍රමිතිය ගැන ගොඩක් අවධානය යොමු කරනවා. මට හිතෙනවා මේ සම්මාන දෙකට මම හොඳ සාධාරණයක් කළා කියලා.

මේකේ කවුරුවත් නොදන්න කතාවක් තියෙනවා. සම්මාන දෙකක් ලැබුණ සිරස නිවුස් ෆස්ට් වෙනුවෙන් සහ ටීවී වන් (එම්.ටී.වී) මැතිවරණය කාලේ කරපු ජනතාව දැනුවත් කිරීමේ පුරන පට දෙකකට. ඒ සිංහල සහ ඉංග්‍රීසි. අපි ගම්මැද්ද වාර්තා වැඩසටහනක් අතරතුර විලච්චිය පැත්තේ මැටි ගෙදරක ඉන්න වයසක අම්මා කෙනෙක් දැක්කා. ගේ ඇතුළෙ කුරක්කන් ගලකුත් තිබ්බා. මේක දැක්කාම මම සහ මගේ කැමරාකරණය කරන සගයට එකම අදහස ආවේ. මේක පටිගත කරන්න පැයක් වගේ යන්න ඇති. ඒ පුංචි මැටි ගෙයි අපි රූපගත කළා. සහයක කැමරා, ආලෝකකරණය, සහය අධ්‍යක්ෂණය ඒවා නැහැ. ලයිට් ඇල්ලුවේ ඩ්‍රයිවර් මහතා. වැඩ පහසුව සඳහා මට ඒ දැනුම ඔහුට දෙන්න සිදු වුණා. කැමරා ශිල්පියයි, අධ්‍යක්ෂයි නිර්මාණයකදි, හොඳ දර්ශනවලදී, ප්‍රේමයෙන් වෙළිය යුතුයි. නැතිනම් සාර්ථක නිර්මාණයක් සිදුවන්නේ නැහැ. ලක්නුවන් හොඳ කැමරා ශිල්පියෙක්. අපිට අඩු පහසුකම් තියෙන්නේ. ප්‍රවෘත්ති අංශයට තියෙන්නේ සමාන්‍ය ප්‍රවෘත්ති කැමරා. වැඩසටහනක් කරන්න ඒක ප්‍රමාණවත් නැහැ. ඒක නිසා මේ සෑම නිර්මාණයකටම මම පාවිච්චි කළේ මගේ පුද්ගලික කැමරාව. ආයතනයෙන් ඒක දෙන්නේ නැත්නන් මම මොකද කරන්නේ? මට වැඩේ හොඳට කරන්න ඕනේ.

රූපවාහිනී තාක්ෂණයේ හිදැසක් තියෙනවා කියලද ඔබ කියන්නේ

මම හැමදාම ලංකාවේ රූපවාහිනී තාක්ෂණය වඩා ඉහළට යන්න ඕනේ කියලා විශ්වාස කරපු කෙනෙක්. මම ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ නිෂ්පාදනයක්. මාව පුහුණු කළේ දේශීය විදේශීය පුහුණුකරුවන් රූපවාහිනිය සම්බන්ධ ඉන්න විශේෂඥයන්. නිර්මාණ කියන දේ අවුරුදු ගානක් ඇගේ ටික ටික මෝරන්න ඇති. වැඩ කරන්න උපකරණ නැතිනම් බාගෙට කරලා විහිළුවක් වෙන්නේ මොකටද? ගොඩක් අය මට හිනා වුණා ඇයි පුද්ගලික කැමරාවෙන් වැඩ කරන්නේ කියලා. මම කරන දේට ආදරය කළා.

අන්තිමට මම දින්නා කියලා හිතුණා.

සිරස නිවුස් ෆස්ට් වෙනුවෙන් සම්මානය ලැබුණේ, කතිරයට පෙර සිතන්න යන තේමාව යටතේ. සැබෑ කතාවක් මේක. ගැමි වයසක ගැහැනියකගේ හදවතින් එන ඒ වචන ටික අපි පුංචි තිරයට ගෙනාව.

‍අනික් සම්මානය ලැබුණු අනිත් නිර්මාණය ටීවී.වන් එකට කරපු එක.

තරුණියක් චෝදනාවක් කරනවා ඇයව පෙම්වතුන් කිහිප දෙනෙක්ම රැවට්ටුවා කියලා. මට ඕනේ වුණේ මේක මැතිවරණ වේදිකාවට ගේන්න. තරුණ තරුණියන් කොච්චරවත් රැවටෙනවාද කියලා. ආදරෙන් රැවටෙනවා වගේ මැතිවරණ පොරොන්දුවෙන් මිනිස්සු රැවටෙනවා. ඒක සිංහලෙනුයි ඉංග්‍රිසියෙනුයි කළා. ඉංග්‍රීසි එක තේරුණා.

සම්මාන ලැබීම ගැන මොකද හිතන්නෙ

විශාල සතුටක් දැනුණා; මොකද මේ සම්මානය හම්බ වෙනකොට මම වැඩකරපු නාළිකාවෙන් කලකිරීම් ඇති වෙලා අස්වෙලා අවුරුද්දක් වුණ දා තමයි මේ සම්මාන දෙකම මට ලැබුණේ. සම්මානය ගැන මුලින්ම කිව්වේ කැමරා ශිල්පී ලක්නුවන්ට සහ අපේ ඩ්‍රයිවර් මහත්තයාට. අවුරුදු දෙකක් අපි තුන්දෙනා කන්ඩායමක් විදියට නිර්මාණ කළේ.

මොකද සහය නිෂ්පාදකලා, ලයිට් සවුන්ඩ් අල්ලන අය අපිට හිටි‌යේ නැහැ.

ක්ෂේත්‍රය ගැන කලකිරී ඉන්නකොට මේ ලැබිච්ච ඇගයීම කියා නිම කරන්න බැහැ. ඇගයීමට බොහෝම ස්තුතියි. වැඩකරන ආයතනයෙන් ඇගයීමක් නොමැතිව මෙහෙම ඇගයීමක් ලැබෙන කොට හිතට එන්නේ ලොකු ශක්තියක්. මේක මගේ අවසාන සම්මාන දෙක. ආයෙ කවදාවත් මම චැනල් එකක වැඩ කරන්නේ නැහැ. වසර 9ක සේවා කාලයට සමුදී ගෙදර ඉන්නකොට ලැබිච්ච තෑග්ගක්.

මීට පෙර සම්මාන ලැබිලා තියෙනවා ද

කවදාවත්ම නැහැ. පසුගිය වසරේදී මාව රාජ්‍ය උළලේ සම්මාන දෙකකට නිර්දේශ වුණා.‍ ඒ වසරේ හොඳම වාර්තා වැඩසටහන සහ හොඳම පුර්ව ප්‍රචාරක පටයට. මොකද කලින් කිව්වා වගේ අඩු පහසුකම් මැද කරපු වැඩ දෙකකට ඒ සම්මාන දෙක නිර්දේශ වුණේ. සිරස ගම්මැද්ද ව්‍යාපෘතියක් සඳහා කරපු වාර්තා වැඩසටහනක් සහ එහි පූර්ව ප්‍රචාරක පටයට. ඒක ලොකු හයියක් වුණා. ඇගයීමට ඒ පන්නරයෙන් තව වැඩ ගොඩක් කළා. මට ලොකු ආසාවක් තිබුණා මම කරන වැඩ ගැන ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න. අඩු පාඩු දැන ගන්න. ඒ ඇගයීම පන්නරයක් වුණා.

රූපවාහිනී රාජ්‍ය සම්මාන දෙකක් ලැබීම ගැන මොකද හිතෙන්නෙ

වෙන අය සම්මානයකට සිහින මවන කොට මම උළෙලේ පළමු සම්මාන දෙකම පිට පිට හිමි වුණා. මගේ නමම දෙපාරක් කියනවා මට හොඳට ඇසුණා. මේක කැපකිරීම්වල ප්‍රතිඵලයක්. ඇස්වලට කඳුළු ආවා සම්මාන දෙක අරගන්නකොට. මොකද මේ සම්මාන දෙක ගොඩක් බරයි. ඒක ඇතුළෙ දුක හිතෙන කතා ගොඩක් තියෙනවා. මේ නිර්මාණ කොටින්ම කිව්වත් ඇගේ අමාරුවට කරපු දේවල්. පර්යේෂණ නිර්මාණ.

රූපවාහිනී සම්මාන උලෙළ දකින්නෙ කොහොමද

අපි වගේ උනන්දුව තියෙන අයට නිසි ඇගයීමක් කරන එක කොච්චර හොඳ දෙයක්ද? අපේ තාක්ෂණය ඉදිරියට යා යුතුයි. ඉන්දියාව අපිට වඩා කොච්චර ඉහළින්ද ඉන්නේ අපි ජපන් තාක්ෂණයෙන් පන්නරය ලබපු රටක්. රූපවාහිනී ශිල්පීන් මේ විදියට ඇගයීමට ලක්කිරීම වැදගත්. මොකද ආයතනවලින් නිසි ඇගයීමක් ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ ඇගයීම කොච්චර වටිනවාද? ස්තූතියි නිසි ලෙස සම්මානිත කරවූ රූපවාහිනී සම්මාන උලෙළට.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

1 week ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

1 week ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

1 week ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

1 week ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

2 weeks ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago