විශේෂාංග

පාන් ගණන් නම්?

මේ දිනවල අපේ රටේ ජීවත් වන ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, කොරෝනා වසංගතය ආදී එකී, නොකී මේ සියලු ප්‍රශ්න ගැන කතා කරද්දීද “කොරේ පිටට මරේ” යන උපහැරණය කදිමට ගැළපේ. ආර්ථික ප්‍රශ්න හා ජීවන වියදම වැඩි වීම සඳහා හේතු සාධක ගණනාවක් බලපා ඇති නමුත් මෙලෙස ජීවන වියදම ඉහළ යාම ආර්ථික ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටින සාමාන්‍ය ජනතාවට දරා ගත නොහැකිය.

පසුගිය දිනවලදී සහල්, කිරිපිටි, සීනි, එළවළු, කුකුළු මස්, බිත්තර වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව ගෑස් හා ඉන්ධන මිලද ඉහළ ගිය අතර එම මිල ඉහළ යාම්වලට සමගාමී ව තිරිඟු පිටි (පාන් පිටි) මිලද මේ වන විට ඉහළ නංවා ඇත. මෙරටට අවශ්‍ය තිරිඟු පිටි ආනයනය කර බෙදා හැරීමේ නිරත වී සිටින ප්‍රීමා හා සෙරන්ඩිබ් යන සමාගම් දෙකම මෙලෙස පාන් පිටි මිල ඉහළ නැංවීමට කටයුතු කළ අතර; ඒ අනුව කිලෝවක මිල රුපියල් 17.50 කින් ඉහළ නැංවීම සිදු කෙරුණි. එලෙස මිල ඉහළ යාමත් සමඟම මේ වන විට පාන් පිටි කිලෝවක සිල්ලර මිල දැක්වෙනුයේ රුපියල් 120 ක් ලෙසයි.

අප රටේ තිරිගු පිටි මිල එලෙස ඉහළ යත්දී පසුගිය වසරක කාලයේ ගෝලීය වශයෙන් එම තිරිගු පිටි මිල 40% කින් පමණ ඉහළ ගොස් ඇති බවද සංඛ්‍යාලේඛන වාර්තා තහවුරු කරයි. එලෙස මිල වැඩි වීම සඳහා ප්‍රධාන සාධක පහක් හේතු වී තිබේ. කාලගුණික සාධක නිසා තිරිඟු නිෂ්පාදනය අඩු වීම හා අපනයනය සීමා වීම, ලොව විශාලතම තිරිඟු අපනයනකරු ලෙස පිළිගැනෙන රුසියාව අපනයනය සීමා කිරීමේ අරමුණින් තිරිගු පිටි මත බදු පැනවීම, ආනයනික රට වලින් ඉල්ලුම ඉහළ යාම, පොහොර මිල ඉහළ යාම සහ බඩ ඉරිඟු සඳහා ආදේශකයක් ලෙස තිරිගු භාවිත කිරීම යන සාධක ගෝලීය තිරිගු පිටි මිල වැඩි වීමට හේතු සාධක වී තිබේ.

කෙසේ වුවත් ගෝලීය වශයෙන් ඉහළ නැංවුණු මිල ගණන්ද සැලකිල්ලට ගනිමින් මෙරට තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමඟ ඒ පිටි යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන දුප්පතාගේ ආහාරය පාන් ගෙඩියක මිලද ඉහළ දැමුණු අතර තවත් බේකරි නිෂ්පාදන රැසක මිල ඉහළ නැංවීමට මේ වන විටත් කටයුතු යෙදී තිබේ. ඒ අනුව කේක්, බනිස්, මාලු පාන්. පේස්ට්‍රී, කොත්තු රොටි, රෝල්ස්, එළවළු රොටි, පරාටා, ඉදි ආප්ප, ආප්ප ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිලද ඉහළ ගොස් ඇත.

පිටි මිල ඉහළ යාම හා එම කරුණ මූලික කර ගෙන බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට ගත් පියවර පිළිබඳ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් සුරන්ති ඩී. සිල්වා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ නැංවීමත් සමඟ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් වන බව දන්නා නමුත් සිය ව්‍යාපාර පාඩු නොලබා පවත්වා ගෙන යා යුතු නිසා අකමැත්තෙන් වුවත් බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සිය සංගමයට සිදු වුණු බවයි. තම සංගමයේ සාමාජිකත්වය දරන බේකරි හිමියන් 7000 ක් පමණ දිවයින පුරා සිටින නමුත් මේ වන විට වර්ධනය වී ඇති ආර්ථික ගැටලු හමුවේ මේ වන විට සක්‍රීය ලෙසම ක්‍රියාත්මක වන්නේ බේකරි 3000 කට ආසන්න ප්‍රමාණයක් බවත්, රට පුරා තිබුණු බේකරි 4000 කට වඩා වැසී ගොස් ඇති බවත් ඇය පැහැදිලි කළාය.

පිටි ඉහළ යාම ආසන්නම හේතුව වුවද දර, ගෑස්, ඉන්දන, සීනී, මාගරින්, බටර්, බිත්තර ආදියේ මිල ඉහළ යාම හමුවේද බේකරි නිෂ්පාදන මිල ඉහළ නංවනවා හැරෙන්නට වෙන විකල්පයක් නොතිබුණු බවත් සියලු කාරණා සැළකිල්ලට ගනිමින් මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදු වුණු බවත් සඳහන් කළ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම්වරිය ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම නිසා මේ වන විට පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 80 කට බවද පැවසුවාය.

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන් ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද මෙම මිල වැඩි වීම් සම්බන්ධව අදහස් දැක්වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පාන් පමණක් නොව රෝල්ස්, එළවළු රොටි, පරාටා, පේස්ට්‍රී, කොත්තු රොටි, ඉදි ආප්ප, ආප්ප ආදියේ මිලද මේ වන විට වැඩි වී ඇති බවයි.

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල ඉහළ යාමට සමගාමීව කොත්තුවක මිලද රුපියල් 10 කින් ඉහළ දැමූ බව කී ඔහු රෝල්ස්, එළවළු රොටි, පරාටා රුපියල් 5කින් මිල වැඩි කළ බවද කීවේය.

අසීරුතාවයට පත් වී ඇති පාරිභෝගිකයාගේ පැත්තෙන් සිතා ඉතා අඩු මිල ගණන් වලින් මෙම මිල ඉහළ දැමීම් සිදු කළ බව සඳහන් කළ හෙතෙම කෙසේ වුවත් තම සංගමයේ සාමාජිකයින් හැම විටම ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ආහාර පාරිභෝගිකයින් වෙනුවෙන් සැපයීමට වග බලා ගන්නා බවද සඳහන් කළේය.

මේ වන විට රට පුරා ආපන ශාලා හිමියන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර කටයුතු වල යෙදෙන නමුත් මෙතෙක් කිසිදු රජයකින් එම ආපනශාලා හිමියන් වෙත කිසිදු සහනයක් ලැබී නොමැති බවද අවධාරණය කළ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා දිනෙන් දින ජීවන වියදම ඉහළ යාම හමුවේ පාරිභෝගික ජනතාව පමණක් නොව ආපන ශාලා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ව්‍යාපාරිකයින් හා සේවක, සේවිකාවන්ද අසරණ වී ඇති බව කීවේය.

ලිපිය උපුටා ගැනීම – සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

12 hours ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

2 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

2 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

2 days ago

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත්…

2 days ago

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

3 days ago