Thursday, July 23, 2026
Homeදේශීයරජයේ සේවකයන්ට වැටුප් වාර දෙකකදී

රජයේ සේවකයන්ට වැටුප් වාර දෙකකදී

රජයේ නිලධාරීන්ම වැටුප් වාරයන් දෙකකට ගෙවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

2023 වර්ෂයේ නව ආදායම් යෝජනා මගින් රජයට ලැබෙන මුදල් ලෑබීමට යම් කාලයක් ගත වන බැවින් ජනවාරි මාසයේ සිට ඉදිරියට රජයේ මුදල් කළමණාකරනය කර ගත යුතුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනයට ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට දින කිහිපයක් පසුව ගෙවීමටත් මහා භාණ්ඩාගාරය ගත් පියවර ගැන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   ඡන්දෙ තියෙන දවස අදවත් කියයිද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්