Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්

ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පිහිටුවන ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට නියමිතයි.

දැනට සකස්කර ඇති මූලික කෙටුම්පතට පදනම්ව මෙම ආයතනය පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත වන බව අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ - ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්