Wednesday, April 15, 2026
Homeදේශීයඅඩුආදායම් පවුල් වලට මාස් පතා රජයෙන් මුදල්

අඩුආදායම් පවුල් වලට මාස් පතා රජයෙන් මුදල්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2023 අයවැය මගින් ලාබාදීමට යෝජනා කර ඇති මුදල් සහනය තවත් මාස 5 ක කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2023 අයවැයට අනුව දිවයින පුරා ආර්ථික අවදානමට ලක්ව සිටින සිටින පවුල් හඳුනාගෙන මෙම අවුරුද්දේ මුල් මාස 04 තුළ එම පවුල් සඳහා මුදල් සහනයක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

එම මුදල් සහනය එළඹෙන මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා තවත් මාස 5 කින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   වතුර ඉල්ලා ගොවීන් හෙට කොළඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්