Saturday, October 17, 2026
Homeදේශීයප්‍රියන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කාදිනල් හිමිපාණන් ද එක් වෙයි

ප්‍රියන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කාදිනල් හිමිපාණන් ද එක් වෙයි

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්වුණා.

අගරදගුරු හිමිපාණන් සමඟ ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා කිහිප දෙනෙකුම ගනේමුල්ල, කැන්දලියද්ද පාලුව පිහිටි ප්‍රියන්ත කුමාර දේහය තැන්පත් කර ඇති නිවසට පැමිණ තිබුනා.

මෙහිදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් සමඟ තම කණගාටුව පළකිරිමටද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම පාකිස්තානයේදී සිදු වූ මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ දිනයේ විශේෂ ශෝක පණිවුඩයක්ද නිකුත් කිරීමට කටයුතු කර තිබුනා.

උපුටා ගැනීම : ශ්‍රී ලංකා කිතුනු පුවත්

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්