ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ (WHO) සිකුරාදා වන විට Omicron හා සම්බන්ධ කිසිදු මරණ්‍යක් සිදුව නොමැති බවයි.නමුත් නව COVID-19 ප්‍රභේදය කෙතරම් ආසාදිතදැයි තීරණය කිරීමට සති කිහිපයක් ගතවනු ඇතැයි ඔවුන් අනතුරු ඇඟවීය.
නමුත් පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය වූ නව ප්‍රභේදය මේ වන විට රටවල් 38 ක වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේදී එක් රෝගියෙක් වාර්තා වුණ අතර ඇය දකුණු අප්‍රිකාවේ සිට පැමිනි ඇතිබවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපදයේ විතරක් මේවන විට ප්‍රාන්ත 11ක් පුරා Omicronරෝගීන් 29ක් වාර්තා වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ප්‍රතිකාරවල සාර්තකත්වය මත සහ එය වඩාත් දරුණු රෝගාබාධ ඇති කරයිද යන්න පිළිබඳව සොයා බැලීමට කාලය ගතවනු ඇති බවයි
එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC)ට අනුව ඇමරිකානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් COVID-19 සදහා එන්නත් කර ඇතත්,එමගින් ඇතිවු ප්‍රතිශක්තිය දැඩි ලෙස විකෘති වු Omicron ප්‍රබේදයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවි හැකි බව ඔවුන් පවසනවා.
ජනාධිපති ජෝ බිඩෙන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුසි, ඩෙල්ටා ප්‍රභේදයට වඩා දෙගුණයක් වේගයෙන් පැතිරෙන බව ඔහු පවසනා තිබෙනවා.
සිකුරාදා ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ බූස්ටර් එන්නත් විවිධ ප්‍රභේදවලට එරෙහිව ප්‍රතිදේහ ආරක්ෂාව වැඩි කරන බව අධ්‍යයනවලින් පෙන්නුම් කරන බවයි
එක්සත් ජනපදයේ වාර්තා වුණ බොහෝ ඔමික්‍රොන් රෝගීන් සුලු රෝග ලක්ෂණ පමණක් තිබෙන අය අතර ඔවුන් එන්නත් කරන ලද අය බවයි.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු විද්‍යඥයින් විසින් කළ අද්‍යනයකින් වාර්තා වුනේ කලින් කොවිස් සෑදුනු පද්ගලයින්ටද ඔමික්‍රොන් ආසාදනය විය හැකි බවයි.
USA Today සගරාවට
හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සහ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ප්‍රතිශක්ති විද්‍යා මහාචාර්යවරයෙකු වන ආචාර්ය බෲස් වෝකර් පැවසුවේ නරකම අවස්ථාවෙහිදී, ඔමික්‍රොන් වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි සහ කාර්යක්ෂම විය හැකි බවත්, එහි පිටපත් සෑදීමේදී වඩාත් භයානක බවත්ය.
කෙසේ වෙතත්, එය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි නමුත් අඩු භයානක විය හැකි අතර අනාගතයේදී එවැනිම කිරීටක වෛරසයකින් ආසාදනයට එරෙහිව ආරක්ෂාව ලබා දිය හැකිය. “එය දැන් ඉතා ප්‍රාර්ථනා සහගත චින්තනයකි,” වෝකර් USA Today සගරාවට වාර්තා කර තිබෙනවා.
ඇමරිකාවේ Newsweek ඇසුරින්
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…