විශේෂාංග

ලොව විශිෂ්ටතම කලාකරුවෙකු වු, එහෙත් අපට විශිෂ්ට නොවු ප්‍රෙඩී.

මෙය එතරම් ජනප්‍රිය නොවන සටහනක් විය හැකියි. එහෙත් මා ලියනුයේ ලෝකයට බිහිවු විශිෂ්ටතම කලාකරුවෙක් ගැනය. මේ ලෝකයේ තවත් විශිෂ්ටතම කලාකරුවෙක් ඉපදුනේ පුවක්අරඹේය. වර්ෂ 1938 දීය. හේ හල්පේලියගෙ මොරිස් ජෝශප් ද සිල්වාය, යන නමින් බෞතිස්ම වූවාට,ඔහුව අපට හුරුවූයේ FREDDIE නම් ඉංග්‍රිසි නමකිනි. එය කිසිදු ගැටලුවක් නොවේ. ඔහු ලොව විශිෂ්ටතම කලාකරුවෙකි. ජිම් රීව්ස්, ප්‍රෑන්ක් සිනට්රා, ඩීන් මාටින්, ප්‍රෙඩි සිල්වා, එල්විස් ප්‍රෙස්ලි, ජොනෙට්‍රවෝල්ටර්, ඔවුන් ගී ගයමින්, රගපෑමෙ යෙදෙමින් ලෝක පූජිත විය. වෙනසකට තිබුනේ ප්‍රෙඩි සිල්වා ලෝක පූජිත විය යුතුව තිබූනද, එසේ නොවුයේය. එ් ඔහුු ඉපදුනේ ලංකාවේ නිසාය. පිදිය යුත්තාට පිදීම, සුදුස්සාට තැන දීම, ලංකාවට අයිති දේවල් නොවේ. දිය යට ගින්දර, දිය රෙද්දෙන් බෙලි කැපීම, උඩට නගින එකාගේ කකුලෙන් ඇද බිම වැට්ටීම වැනි දේ නම් ලංකාවට උචිතම ඒවාය. ඉතින් ප්‍රෙඩි සිල්වාට උරුම වූයේ ලාංකාවේ අනෙක් කලා කරුවන්ටත් වෙන දේමය. එහෙත් ඔහු විශිෂ්ඨය. ගාමිණී පොන්සේකා , ජෝ අබේවික්‍රම , විජය කුමාරණතුංග , එච් ආර් ජෝතිපාල තරමටම දැවැන්තය. එය සිදුවු පෙලහරය මේ. 1950 වර්ෂයේ දී හල්පේලියගේ මොරිස් ජෝශප් සිල්වා එකල ශ්‍රිමතානන් ලෙස හැදින්වු ජෝන් කොතලාවල ඉදිරියේ පොඩි බයිලා පාරක් දාන්නට විය. එහිදි ඔහු ඇලසන් මෙන්ඩිස් රචනා කෙරු ගීතයක් ගයමින් විකාරයක් සේ නැටුවේය. ගීතය වූයේ ” බාර් බාර් බාර් බාර් එකෙන් බීලා, සුර් සූර් සූර් සූර් වෙන්න වැදිලා’ය. ජොන් කොතලාවලත්, බීමට ,ජොලියට රුසියා, නිසා, හල්පේලියගේ මොරිස් ජෝශප් ද සිල්වා ගේ ගීතයත්, නැටුමත් කරටියටම වැදුනි. මේ හුනු පැටියා ,ඇනකොන්ඩෙක් වෙලා තමා නවතින්නෙ කියලා ජෝන් කොතලාවලට ටක්කෙටම වැටහුනු නිසා, ඔහු මොහුව ලිවූ විජේමාන්න ලගට ඇරියේ ලොකු රෙකමදාරුවකුත් දීය.ලිවු එකල ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ලොක්කාය. ලිවු විජේමාන්නද, 3ඩී කාන්නාඩියෙන් මොහු දෙස බලද්දීද පෙනුනේ ඇනකොන්ඩෙක් ලෙස ත්‍රිමාන වය. මොරිස් ජෝශප්ද සිල්වාට ගුවන් විදුලියේ දොර ඇරුනි. ඔහුගේ මුල්ම ගීතය ප්‍රෙඩි සිල්වා නමින් ” මමයි මොට්ට පාල දොට්ට දැමිමෙ පාසැලෙන්” ලෙස පටිගත කෙරුනි. එයට “බාර් බාර් බාර් බාර් එකෙන් බීලා” යන ගීතයද එක්විය. ගීතය තුලින් හාස්‍යඋපදනයක් මෙන්ම සමාජීක පනිවිඩයක් දීමෙ නව ශෛලයක් බිහිකිරීමෙ පුරෝගාමියෙක් එසේ බිහිවන්නට විය. මෙය මොනතරම් ප්‍රචලිත වුවාද කිව හොත් එය ප්‍රෙඩි සිල්වාට නවතම අනන්‍යතාවයක් ඇති කර ගැනීමට හැකි වූවා පමනක් නොව, ඔහුව ජනප්‍රිය තලයට ඔසවා තැබීමටද හැකිවිය. ඔහු ගායකයෙකු ලෙස ස්ථාවර විය. ඒ ස්ථාවර වූයේ, ප්‍රේම ගීත, විරහා ගීත, සෞන්දරය ගීත, වලින් නොව, හාස්‍ය උපදන, සමාජීක පනිවඩ ගෙනෙන ගීත ලෙසය. එය මනාවට ඔප්පු කෙරු ගීත අතර ” ආරොන් මාමා වයසක මිනිසෙකි ඉපදුනෙ අපෙ ගම්මානෙ”- “ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවෙි අසුන දරා, මේ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නෙ ඉදපල්ලා නිශ්ශබ්ද වෙලා”- “පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි” – ” හද මාමා උඩින් යතේ,අපෙ මාමා බිමින් යතේ” – “එන්න එන්න වාඩි වෙන්න, මොකද ඔතන ඇයි හිටගෙන” අමුතු ඇදුම් ඇද ඉග වට රබානකි අතේ, පොලවෙ ඉදන් අඩි දහයක් විතර උස ඇතේ” – “අයන්න ආයන්න” “බුරුතු බුරුතු මල් පිපීලා තිබුනත් වනන්තරේ හැම පැත්තේ” – “අව් අවි අව් මගෙ සවරිනා එන්නකො ගන්න වඩා” -“අලුත් කලාවක් සොයා ගත්තා මං දියුනු වෙන්න ඕනෑ නම්, නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි දාපල්ලා බං පෙත්සම්”- “ඇති ඈයෝ නැති නෑයෝ නෑදෑයෝ” -“අන්දරේ” – ” අපි කාටද බය කව්ද අපිට බය” – ජැක් ඇන්ඩ් ජිල්” – “ඇලඩින්ගෙ පුදුම පහන” වැනි ගීත ප්‍රෙඩි සිල්වා ගායනා ලෝකයේ ඉහලටම රැගෙන ගියේය. ඔහුගේ හැම ගීතයක්ම ඉතාමත් ජනප්‍රිය වූ සේම, එම ජනප්‍රියත්වය ඔහුව අහස උසටම රැගෙන ගිය ගීත කීපයක්ම තිබුනි. ඒ “මන්නාරම් පිටිවැල්ලෙ ,මදටිය වැල් ඔන්චිල්ලෙ, කොන්ඩෙ කඩන් හදට අඩන් සිංදු කියන්නී ,කුන්ඩුමනී” – ” සිටියා උදාර කොල්ලෙක්, ඌට හිටියා හොද සැර බල්ලෙක්, ( මෙම ගීතය හැදින්වුයේ බල්ලා යන නමිනි) -” තේ කූඩය පිටේ බැදන් නුඹ යනවා කන්ද උඩින්” හා “පරවියා වගේ රාජ මාලිගේ” යන ගීතයන්ය. අැතැම් විට ඔහු ගීත දාහකටත් වඩා ගායනා කරන්නට ඇත.අතොලස්සක් පමනක් ප්‍රචාරය කරන්නට ඇත. එහෙත් ඒ අතොල‍ොස්ස වූවද සුවිශේෂ විය. සිනමා ගීත කලාව තුලද ප්‍රෙඩි සිල්වා ,එච්.ආර් ජෝතිපාලයන් මෙන් ම කරට කර සිටියේය. 1963 වර්ෂය තුල බිහිවුනු “සුහද සොහොයුරෝ” චිත්‍රපටයෙ “දිය රැල්ල වෙරල හැපි හැපි ඇයි මොටද හාදු දෙන්නෙ” ගීතය ගායනා කිරීමෙන්, හා රංගනයෙන් සිනමාවට එක්වුනු, ඔහු සිනමාව තුල විශාල චිත්‍රපට ප්‍රමානයක රංගනයෙන්ද, ගායනයෙන්ද තම දක්ෂතාවය පිලිඹිඹු කලේය. සිංහල සිනමාව තුල චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක රගපෑ ප්‍රෙඩි ඒ හැම චිත්‍රපටයකම ගීත ගැයීමට ඉඩ ලැබුනි. ඇතැම් චිත්‍රපට ඔහු නිසා ජනප්‍රිය වී ආදායම් වාර්ථා තැබීය. ඔහු සිනමා නිශ්පාදනයට පැමිනියේ “ඔක්කොම කණපිට” චිත්‍රපටයෙනි. ” සීතල වතුර” “මහදැනමුත්තා” ” පාරා වළලු” “ඔහොම හොදද” “සුජීවා” “සුනේත්‍රා” “සූකිරි කෙල්ල” “ලසදා” “දුලිකා” “කස්තුරි සුවද” “සිහසුන” කොළඹ සන්නිය” “කවිද රජා” “ටොම් පචයා” “නොම්මර 17” “දේදුන්නෙ සමනලියක්” වැනි චිත්‍රපට රාශියක දෙආකාරයෙන් ශිල්ප දැක්වූ ප්‍රෙඩි සිල්වා, ඇමරිකාවේ ඉපදුනා නම් අද චාලි චැප්ලින් , මිස්ටර් බීන් (රොවින් ඇට්කින්) මෙන් අද ලෝක පුජිත වනු ඇත. ප්‍රෙඩි සිල්වාට සිදුවුයේද ලාංකාවෙ ඉපදුනු කරුමයමය. නියම කලාකරුවෙකු ගේ අගය නොදැන සිටින රටක, දේශ පාලුකයන්ගේ පස්ස ලොවන මොංගල් හාල්පාරු නලු නිලියන් උස්සා තබන රටක, ප්‍රෙඩි සිල්වා වැනි සුවිශේෂ දක්ෂතාවයන් හෙඹි අය ඉපදෙන්නේ ඔවුන්ගේම පෙර ආත්මයක කල පව් ගෙවන්නටය. ලාංකීය නිලියක් රෙද්ද උස්සා දමන පොස්ටුවන්ට, දහස් ගනන් ලයික් දමන, කොමෙන්ටු දමන නෂ්ඨ කාමයන් ඉන්නා රටක, ප්‍රෙඩි සිල්වා ගායනයෙන් හා රංගනයෙන් කල සේවය අමතක වීම කෙසේ වෙතත් ප්‍රෙඩි සිල්වා කියා කෙනෙක් සිටියාද කියා ඇසුවොත් එයටද පුදුම විය යුතු නැත. (ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි) උපුටා ගැනීමකි.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

7 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago