පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සදාචාර විරෝධී හැසිරීමට එරෙහිව පියවර ගන්න යන මැයෙන් මහජනතාවගේ ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම මේ දිනවල සිදුවනවා. එහි දැක්වෙන කරුණු සහ හේතු පාඨ මෙසේයි.
රටේ ඉහළම වගකීමක් ඇති පුරවැසියන් අනාගතයේ නියම හිමි කරුවන් වන දරුවන්ට ඉහළම ආදර්ශයක් ලබා දිය යුතු නොවේද? රටේ ප්‍රචණ්ඩත්වය වපුරන පාර්ලිමේන්තු පිළිකාව පාලනය කිරීම කතානායක වන ඔබගේ උත්තරීතර වගවීම නොවේද?
විශේෂයෙන්ම, කාන්තා මන්ත්‍රිවරියන්ට එරෙහිව සිදු කරන සියලු වාචික සහ ලිංගික අපයෝජන අප තරයේ හෙලා දකිමු. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ‘කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය’ට අත්සන් කොට ඇත්තේ 1981 අතර, ශිෂ්ට සම්පන්න රටක් ලෙස 21වන ශතවර්ෂයට ඔබින මානුශියත්වය ප්‍රගුණ කිරීමට ඔබට බල කර සිටිමු.
බොහෝ ලාංකීය පුරවැසියන් දරුවන් ලෙසත් වැඩිහිටියන් ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්ව ඇත. මානව දයාවෙන් පිරි නීති ගරුක පුරවැසියන් වන අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම පෙන්වන වාචික හා ශාරීරික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටිති. පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මහජනතාවගේ නියෝජිතයන් වන මන්ත්‍රීවරුන්ට ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසයට අනුකූලව කටයුතු කිරීමට සදාචාරාත්මක හා සමාජීය වගකීමක් පවතී.
2018 ඔක්තෝම්බර් මාසයේදී ‘ව්‍යවස්ථාමය අර්බුදය’ හේතුවෙන් ඇරඹුණු මන්ත්‍රීවරුන්ගේ පෙර නොවූ විරූ ප්‍රචණ්ඩත්වය මුළු රටම කම්පනයට පත් කර තිබේ; ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට ශාරීරික හානියක් සහ පොදු දේපළවලට විශාල හානියක් සිදු කළ අය අපරාධ චෝදනාවලින් බේරී, එවැනි දූෂිත ක්‍රියාවන් දිගටම කරගෙන යති. ඇත්ත වශයෙන්ම, අතීතයේ දුර්ලභ වූ මන්ත්‍රීවරුන්ගේ සදාචාර විරෝධී හා ආක්‍රමණශීලී හැසිරීම පාර්ලිමේන්තුව තුළ දරාගත නොහැකි දෛනික සිදුවීමක් බවට පත්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සදාචාර විරෝධී හැසිරීම අවසන් කිරීම සඳහා පහත කරුණු සම්බන්ධව ඔබගේ අවධානය යොමු කෙරේ:
1) 2018 අපේ‍්‍රල් 15 දින සිට බලපැවැත්වෙන ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතිය’ සෘජුවම උල්ලංඝනය කිරීම – 3 වැනි පරිච්ඡේදය -මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය, 5 වැනි පරිච්ඡේදය- එනම්, චර්යා රීති, 8 වැනි පරිච්ඡේදය- පැමිණීම, හැසිරීම සහ ආචාරශීලිත්වය
2) මහජනයාට කිසිදු ප්‍රතිලාභයක් නොමැති, නිෂ්ඵල පුද්ගලික බද්ධ වෛරී සාකච්ඡා සඳහා පාර්ලිමේන්තුව කැඳවීම සඳහා බදු ගෙවන්නන්ගේ රුපියල් මිලියන ගණනක දායකත්වය අනිසි ලෙස භාවිතා කිරීම. පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් කෝටි දෙකහමාරක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇත.
3) වාචික හා ශාරීරික හිංසනය සාමාන්‍යකරණය සහ සාධාරණීකරණය කරමින් සහ එවැනි හැසිරීමක් අනුගමනය කිරීමට ළමයින් දිරි ගන්වමින්, ප්‍රධාන පෙළේ රූපවාහිනී සහ සමාජ මාධ්‍යයන්හි වාරණය නොකළ මහජන ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කිරීම. දකුණු ආසියාවේ රටවල් අතරින්, ශ්‍රී ලංකාව තුළ තරුණ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ත හිංසනය, විශ්ව විද්‍යාලවල නවක වදය සහ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පවතී.
4) පාර්ලිමේන්තු ආචාර ධර්ම උල්ලංගනය කරන සෑම නියෝජිතයෙකුටම එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි සැසිවාර තහංචියක්, නොමනා ලෙස හැසිරුණු දිනයට අදාළ දීමනා තහංචි කිරීමක්, සහ/හෝ සුදුසු විනය ක්‍රියා මාර්ග ගැනීම
මේ පිළිබඳව ඔබතුමාගේ ක්ෂණික ප්‍රතිචාරය සහ විධිමත් ක්‍රියාදාමය අපේක්ෂා කරමු.


