දේශීය

වනාන්තර කඳුකර තේ දේශීය වෙළඳපොලට පැමිණේ

ලංකාව තුළ අඩි තිහ හතළිහ ප්‍රමාණයට වැවුණු ජාතික පානයක් වශයෙන් අප සලකන තේ ගස් තිබෙන බව ඔබ මීට පෙර අසා තිබේද? එමෙන්ම වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගෙන ආ කාබනික පොහොර ප්‍රතිපත්තියට පෙර සිට සාර්ථකව කාබනික පොහොර යොදා වස විස නැති තේ ලෝකයට බෙදාහරින මෙරට ඩොලර් සංචිතයන් ශක්තිමත් කරන ව්‍යවසායකු සිටින බව ඔබ දන්නේද. මේ සාර්ථක ක්‍රමවේදය පිළිබද සොයා බලන විට සමනල කන්දට මායිම්ව කුරුවිට එරත්න ප්‍රදේශයේ අක්කර 110ක පමණ භූමි ප්‍රමාණයක එවැනි තේ ගස් ගහන කැලයක් තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නවා බවට සැකයක් නැත. වසර 130කට පමණ පෙර ඉංග්‍රීසින් එම ප්‍රදේශය තුළ වගා කොට පසුව අත හැරීම නිසා කාලයාගේ ඇවෑමෙන් ස්වභාවික තේ ගහන කැලයක් බවට පත් වී ඇති එම භුමියේ වර්තමාන හිමිකරු වන්නේ බුද්ධික දිසානායක මහතාය. ඔහු තේ කර්මාන්තය ආශ්‍රිතව වසර 16ක පමණ අත්දැකීම් ඇති පුද්ගලයකු වන අතර වසර 6ක පමණ කාලයක් විවිධ පර්යේෂණ සිදු කොට ස්වභාවික ගුණ සහිත තත්ත්වයෙන් උසස් තේ කොළ සෑදීමට ඔහුගේ තේ වනයේ පිහිටි තේ කැලය භාවිතා කොට ඇත. එම තේ ගහනය සහිත ජෛව පද්ධතියට හානියක් නොවන ලෙස පරිසරයෙන් පෝෂණය උරා ගත් සරුවට වැවුණු සුවිසල් තේ ගස්වල දළු නෙලා ගැනීම හරහා පරිසර හිතකාමී තේ වගාවක් මෙරටට හදුන්වා දීමේ පුරෝගාමියා වශයෙන් බුද්ධිකව හැදින්වීම ඔහුට ලැබිය යුතු ගෞරවයකි.

සුවිසල් තේ ගස්වලින් නෙලා ගන්නා තේ කොළවල සාම්පල් විදේශීය රාජ්‍යයන්වල සිටින තේ වල ගුණාත්මකභාවය පරික්ෂා කරන තේ රස පරීක්ෂකයන් සහ ආයතනවලට යවා පෝෂගුණය සහ රසය පිලිබද පරීක්ෂාවක් සිදුකොට 2018 වසරේ මෙරට තේ මණ්ඩලයෙන් නීතිමය අවසරයන් ලබා ගන්නා බුද්ධික මෙම වනයට ආසන්නයේ පිහිටි එරත්න ගම්මානයේ සිටින ගැමියන් සුවිසල් තේ ගස්වලට නග්ගවා තේ දළු නෙලා ගැනීම හරහා ඔවුන්ට අලුතින් ජිවනෝපායන්ද උත්පාද කළේය. මේ අයුරින් සිය කර්මාන්තයට අවැසි අමතර තේ අමුද්‍රව්‍ය ලබාගෙන තේ වගා කරන ගැමියන් හට පරිසර හිතකාමීව කොම්පෝස්ට් පොහොර යොදා තේ වගා කිරීමට අවශ්‍ය දැනුම ලබා දුන් ඔහු ගැමි වගාකරුවන්ගෙන් වැඩි මිලට තේ දළු මිලදී ගත්තේ තේවල ඇති ගුණාත්මකභාවය එලෙසම පවත්වා ගැනීමේ අරමුණිනි. බුද්ධික අනුව ගිය ගැමියන් එම ප්‍රදේශයේ පිහිටි වනයට හා ජෛව විවිධත්වයට හානි නොවන අයුරින් වනාන්තර එළිපෙහෙළි නොකොට පරිසර හිතකාමී ගුණයෙන් ඉහල තේ නිපදවීමට කටයුතු කළේය.

මෙම ක්‍රියාවලිය ඔස්සේ නිපදවන තේවලට තේ පානය කරන විදේශිකයන් වැඩි කැමැත්තක් දක්වන නිසා පොරස්ට් හිල් ටී යන සන්නාම නාමය සහිතව බුද්ධික ඇතුළු ඔහුගේ කණ්ඩායම රටවල් 23කට වඩා ප්‍රමාණයෙන් යුත් විදෙස් ගැණුම්කරුවන් වෙත බ්ලැක් ටී, වයිට් ටී, ග්‍රීන් ටී සහ ඕ ලොන්ග් ටී යන තේ වර්ග අපනයනය කරයි. පොරස්ට් හිල් ටී සන්නාමය විදේශීය තේ පානය කරන තේ රසයට සහ ගුණයට ආශා කරන විදේශිකයන් අතර වඩාත් ප්‍රචලිත වීමට අඩිතාලමක් සැපවුයේ රූස්ස තේ ගස් සහිත පරිසර හිතකාමී තේ වගාව ගැන බුද්ධික ඇතුළු කණ්ඩායම විසින් ආරම්භ කොට තිබූ හරිත ඇකඩමිය නිසාය. විවිධ රාජ්‍යයන් නියෝජනය කරමින් මේ ඇකඩමිය හරහා විදෙස් රටවල් 21ක තේ රස පරීක්ෂකයන් මෙරටට පැමිණ පොරස්ට් හිල් වෙත ගොස් පරිසර හිතකාමී තේ වගාව සහ තේවල ගුණයට හානි නොවන අයුරින් බුද්ධිකගේ කණ්ඩායම විසින් තේ නිපදවන අයුරු සිය දෑසින්ම බලා ඔවුන්ගේ අත්දැකීම්ද බුද්ධික සමග බෙදාගෙන තිබේ.

මෙරට සිටින ජනතාව ගුණයෙන් සහ සැබෑ රසයෙන් යුක්ත තේ පානය කිරීමේ වතාවත් ගැන නොදන්නා නිසා බොහෝ විට පානය කරන්නේ වෙළදපොළ තුළ තිබෙන තත්ත්වයෙන් බාල හොද කොටස පිටරට යවා ඉතිරි වන තේ රොඩුය. ඒවායේ ප්‍රමිතිය ගත්කළ බොහෝ විට ඒවා පානය කිරීමට නුසුදුසු වන්නේ වෙළද අරමුණු වෙනුවෙන් විවිධ රසකාරක සහ ඩයි වර්ග තේවලට මිශ්‍ර කර ඇති බැවිණි. ඒ නිසා තේ පානය කිරීම පුරුද්දක් කරගෙන සිටින අපේ රටේ ජනතාව තේ ගැන අවබෝධයක් ලබාගෙන තිබීම වැදගත් වේ.කොම්පෝස්ට් පොහොර හෝ ස්වභාවික පෝෂණය සහිත තේවලට විදෙස් තේ පානය කරන්නන් වඩාත් කැමති වන්නේ ඒවායේ ගුණය මෙන්ම රසයද එකසේ අනූන නිසාය.

පොරස්ට් හිල් ටී නිෂ්පාදකවරුන් නිරන්තරයෙන් තේ පානය කිරීම සහ එහි වතාවත් ගැන වඩාත් සැළකිලිමත් වන්නේ එබැවිණි .පොරස්ට් හිල් ටී ඇකඩමිය විසින් නිරන්තරයෙන් තේ වගාව සහ තේ කොළ ගැන මෙරට මෙන්ම විදෙස් රටවල සිටින තේවලට ඇලුම්කරන පුද්ගලයන් දැනුම්වත් කරන්නේ ඒ නිසාය. පරිසර හිතකාමී තේ වගාව ගැන එරත්න ප්‍රදේශයේ තේ වවන මිනිසුන්ට මේ ඇකඩමිය හරහා කොම්පෝස්ට් පොහොර දමා තේ වගා කිරීමට උපදෙස් ලබා දී ඔවුන්ගේ තේ දළු වැඩි මිලට ගන්නේ පරිසර හිතකාමී තේ වගාව මෙරට තුළ වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීම උදෙසාය. පොරස්ට් හිල් ටී නිෂ්පාදන විදෙස් රටවල සිටින තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීමට වඩාත් කැමති වන්නේ ඔවුන්ට තේ ගැන තිබෙන දැනුම සහ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන අවබෝධයක් ඇති බැවිණි .පොරස්ට් හිල් ටී ආයතනය සිය නිෂ්පාදන ස්තුතිවන්තභාවය, විවිධත්වය, විනිවිධභාවය සහ තිරසාරභාවය යන කුළුණු හතර මත සිය ආයතනය ගොඩනගා තිබේ.

තාක්ෂණික මෙවලම්වලින් නිපදවන තේ බහාලන කුඩා බෑග් තුළ ප්ලාස්ටික් සහ ශරීරයට අහිතකර විවිධ ක්ෂුද්‍ර ජීවින් සිටින බව විදෙස් පර්යේෂණ මගින් මේ වනවිට ඔප්පු වී ඇත. එවැනි තත්ත්වයක් තුළ පොරොස්ට් හිල් ටී සමාගම ඊට විසදුමක් ලෙස අතින් රෝල් කර වෙලා ගන්නා තේ කොළ නූලක ගැටගසා ඔවුන්ගේ තේ බෑගය නිපදවයි. නියමිත ගුණාත්මකභාවයෙන් යුක්ත නිසි ආකාරයෙන් තේ කෝප්පයක රස විදීමේ අත්දැකීම මෙරට සිටින ජනතාවට ඉගැන්වීමේ අරමුණින් ලාභය නොතකා ඔවුන්ගේ තේ වලින් කොටසක් සිය සමාගම පාඩු ලබමින් මෙරට ජනතාවට හදුන්වා දී තිබෙන්නේ වෙළද අරමුණු මදකට පසෙක දමා තේවල ගුණය සහ රසය මෙරට ජනතාවට කියා දීම උදෙසාය.

මෙම සමාගම පින්ක් ටී ටොක්ස් නමින් [කොළ තේ ] සිය නිෂ්පාදනයක් ඒ අනුව මෙරටට හදුන්වා දී තිබේ.කොරෝනා වසංගතය ගෝලීයව පැතිරී මිනිසුන්ගේ ප්‍රතිශක්තියට හානි කරන තත්ත්වය හමුවේ මෙම පින්ක් ටී මගින් ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටද සමත් වී ඇත. එහෙත් ඔවුන්ගේ මෙම නිෂ්පාදනය වෙළදපොල තුළ තිබෙන්නේ සිමා සහිතවය. පින්ක් ටී ටොක්ස් නම් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිස හෝ ඔසුහල්වලින් පමණක් මෙම නිෂ්පාදනය ජනතාවට මිලදී ගත හැකිය. එමෙන්ම නිවැරදි ආකාරයට තේ කෝප්පයක් සාදාගන්නේ කෙලෙසදැයි එම ෆේස්බුක් පිටුවේ ඇති වීඩියෝ මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔවුන්ගේ පොරස්ට් හිල් ටී වෙබ් පිටුවේ කොටසක්ද මේ සදහා වෙනකොට ඇත. පින්ක් ටී නිෂ්පාදනය තුළ තිබෙන වැදගත්ම දේ වන්නේ එහි රස පරික්ෂා කල රසකරුගේ අත්සන තේ බහාලුමේ පිටුපස දැක්වීමයි. එම රස පරීක්ෂකවරයා සිය නිෂ්පාදනයට වගකීමට බැදී සිටින අතර නිෂ්පාදනයේ සියලු විස්තර සහ තේවලට ලොව තුළ ප්‍රසිද්ධියක් තිබූ මෙරට තුළ පුරවැසියකු වන ඔබ මෙතෙක් නොදැන සිටි තේ නිෂ්පාදන රස විදින නිවැරදි ක්‍රම සහ පිළිවෙත් ඔබට ඔවුන් කරන දැනුම්වත් කිරීම් හරහා දැනගත හැකිය. මෙරටට ඔවුන්ගේ නිෂ්පාදනය හදුන්වා දීම හරහා ඔවුන්ට කිසිදු ලාභයක් නොලැබෙන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ ලංකාවෙන් නෙලාගන්න මෙවැනි වටිනා ගුණාත්මක තේවලින් කොටසක් මෙරට පුරවැසියන්ට ලබා දීම පමණි.

Recent Posts

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…

2 days ago

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු…

2 days ago

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

2 weeks ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

2 weeks ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

2 weeks ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

2 weeks ago