දේශීය

ගුරු අභියෝගවලට එරෙහිව ගුරුවරුන් ඔන්ලයින් වර්ජනයට

ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංගණය කළ බව පවසමින් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමත් ගුරු සංගම් නායකයින්ට එරෙහිව මර්දනකාරී වැඩපිළිවෙළක් පවතින බවත් පවසා අද (12) දින සිට මාර්ගගත (ඔන්ලයින්) ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ලංකා ගුරු සේවා සංගමය තීරණය කර තිබේ.
දින නියමයක් නොමැතිව මෙම ඉගැන්වීම්වලින් ඉවත්වීමට ගුරු සංගමය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙනයාමට තීරණය කර ඇත.
ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙතට මුහුණ දීම සඳහා සිය සංගමය සූදානම් බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඊයේ (11) පැවති ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීද අවධාරණය කළේය.
ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය වන අතර ශ්‍රී ලංකා නිදහස් ගුරු සේවක සංගමය එයට සහාය දක්වන්නේ නැත.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago