Wednesday, May 21, 2025
Homeදේශීයප්‍රියන්ත බේරා ගැනීමට උත්සහ කළ පුද්ගලයාට නිර්භීතකම උදෙසා පිරිනැමෙන පාකිස්ථානයේ දෙවන ඉහළ...

ප්‍රියන්ත බේරා ගැනීමට උත්සහ කළ පුද්ගලයාට නිර්භීතකම උදෙසා පිරිනැමෙන පාකිස්ථානයේ දෙවන ඉහළ ම සම්මානය. අගමැති නිවේදනය කරයි.

පකිස්ථානයේ සියල්කොට්හි දී දරුණු වධ හිංසනයට ලක් කර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමට උත්සහ ගන්නා අවස්ථාවේ දී එම ක්‍රියාදාමයෙන් ඔහුව ආරක්ෂා කිරීමට උත්සහ ගත් පුද්ගලයෙකු පිළිබඳව මේ වන විට ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔහුගේ නම malik adnan. ඔහු⁣ ගෙන ඇත්තේ මානවවාදී අතින් යහපත් හා මිත්‍රශීලී ක්‍රියාවක්.ඊටත් වඩා සුවිශේෂී වන්නේ අති අවදානමක් දරාගෙන නිර්භීතව ඊට මැදිහත් වීම බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ඔහුගේ සත් ක්‍රියාව හා ඒ ජීවිත අවදානම දරාගෙන කළ කැපවීම වීඩියෝවක සටහන්ව තිබෙනවා. වරෙක සිය සිරුරෙන් ප්‍රියන්ත කුමාර නම් ඝාතනයට ලක් වු ශ්‍රී ලාංකිකයාව පලිහක් සේ ආවරණය කරන ආකාරය ද පසුව එය ව්‍යර්ථව යන ආකාරයද එහි සටහන්ව ඇති බව නිරීක්ෂණය වී ඇති අතර පාකිස්තාන අගමැතිවරයාගේ අවධානය ද මේ සඳහා යොමු වුණා. එරටින් වාර්තාවන අලුත් ම පුවත වන්නේ එම පුද්ගලයාගේ නිර්භීත ක්‍රියාව අගයමින් ඔහුට පාකිස්තාන රජය විසින් නිර්භීතකම උදෙසා පිරිනමන දෙවන ඉහළ ම සම්මානය පිරිනැමෙන බවයි. (Tamgha i Shujaat) ඒ බව ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා නිවේදනය ක⁣ර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයාගේ සිරුරට ගිනි තැබීමට උත්සහ කරන අවස්ථාවේ යම් පුද්ගලයෙක් එසේ නොකරන ලෙස ආයාචනය කරන ආකාරයක් ද වීඩියෝවක සටහන්ව තිබීම පාකිස්තාන මාධ්‍ය වාර්තාකර තිබුණා.

READ:   ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සටන් වදින ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්