ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංගණය කළ බව පවසමින් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමත් ගුරු සංගම් නායකයින්ට එරෙහිව මර්දනකාරී වැඩපිළිවෙළක් පවතින බවත් පවසා අද (12) දින සිට මාර්ගගත (ඔන්ලයින්) ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ලංකා ගුරු සේවා සංගමය තීරණය කර තිබේ.
දින නියමයක් නොමැතිව මෙම ඉගැන්වීම්වලින් ඉවත්වීමට ගුරු සංගමය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙනයාමට තීරණය කර ඇත.
ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙතට මුහුණ දීම සඳහා සිය සංගමය සූදානම් බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඊයේ (11) පැවති ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීද අවධාරණය කළේය.
ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය වන අතර ශ්‍රී ලංකා නිදහස් ගුරු සේවක සංගමය එයට සහාය දක්වන්නේ නැත.
ගුරු අභියෝගවලට එරෙහිව ගුරුවරුන් ඔන්ලයින් වර්ජනයට
නවතම වීඩියෝ
-
🚨සලේ වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගම්මන්පිල ඉවතට??කොටුව මහෙස්ත්‍රාත්ගේ තහනම ගැන යනපුවතට ගම්මන්පිලඑරෙහිවෙයි
-
🔴ජන අරගල පුරවැසියෝ සංවිධානයේ චානක මහ බැංකුව ළග පොල් ගසයි - එකම ගිනිවිජ්ජුම්බරයක් !!
-
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය සහ සහකාර පොලිස් අධිකාරියේ අවුරුදු උත්සවේට පවුලේ අයත් එක්වෙති.
-
වෙච්චි අසාධාරණය කියන්න ජනාධිපති හොයන් ආව කෙනා.මායි දරුවෝ තුන්දෙනාටයි අපි පස් දෙනාට තාම ඉන්න තැනක් නෑ


