බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද දිනය උදෙසා නිකුත් කළ වාර්තා පවසයි.
වැසි සමඟ ඇති වන ගිගුරුම් සහ තාවකාලික තද සුළංවලින්, අකුණුවලින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිමී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි තත්ත්වය
නවතම වීඩියෝ
-
ඩුබායි වලින් පිටුවහල් කළ කොණ්ඩ රංජි CIDයෙන් අත්අඩංගුවට !! මෙන්න කටුණායකින් රැගෙන ආ දර්ශන පෙළ
-
දුර බලන් ළඟ නොබලන්? පොහොට්ටු මන්ත්‍රීගේ ඔවදනට හසාරාගෙන් උත්තර.
-
"පුත දීඝායු දුර බලන්. ළඟ නොබලන්"නි.ආරක්ෂක ඇමතිට ස්තුති කරමින් චානක මාදුගොඩගෙන් ජනපතිට පණිවිඩයක්.
-
අලුතින් පත්වුණ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගෙන් මාධ්‍යවේදීන් සියල්ල ගැන ප්‍රශ්න කරයි


