Tuesday, September 8, 2026
Homeදේශීයකොළඹ 01 සිට 15 පදිංචිකරුවන්ට කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

කොළඹ 01 සිට 15 පදිංචිකරුවන්ට කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

කොවිඩ් මර්දන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අවුරුදු 55ට වැඩි කොළඹ 01 සිට කොළඹ 15 දක්වා පදිංචිකරුවන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අදාළ තැනැත්තන්ට එන්නත්කරණ දිනය හා ස්ථානය SMS පණිවුඩයකින් දැනුම්දෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 3,104,966ක් වේ.

READ:   දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා අද පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්