Sunday, October 25, 2026
Homeදේශීයගැබිණි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගන්නැයි ඉල්ලීමක්

ගැබිණි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගන්නැයි ඉල්ලීමක්

ළඟම පිහිටි රෝහලෙන් හෝ වෛද්‍ය සායනයෙන් කොවිඩ් මර්දන එන්නත අනිවාර්යෙන්ම ලබාගැනීමට ගැබිණි මවුවරුන් කටයුතු කරන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඉල්ලා සිටියි.
වයස අවුරුදු 30 හෝ ඊට වැඩි ගැබිනි මව්වරුන්, රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම ආදී රෝගාබාධවලින් පෙළෙන ගැබිනි මව්වරුන්, සමාජයේ වැඩි අවදානමක් දරන රැකියා සඳහා යන ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු බව නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නිර්දේශය වේ.
මේ වන විට ගර්භණී කාන්තාවන් 300ක් පමණ කොවිඩ් එන්නත් ලබාගෙන ඇති අතර කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරිදි එන්නත් ලබා ගත යුතු බව විද්‍යාත්මක මතය වේ.
මූලාශ්‍ර :

READ:   අනුරාධපුරයෙන් පටන්ගෙන කුරුණෑගල තෙක් ගිය 'ජයගමු ශ්‍රී ලංකා' - මීළඟ වැඩසටහන මාර්තු 16-17 පුලතිසිපුරවරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්