ඉන්දියාවේ ප්‍රවීණතම හා ජනප්‍රිය නළුවෙකු වන දිලිප් කුමාර් වයස අවුරුදු 98ක් ආයු සපුරා ඉන්දියාවේ මුම්බායිහිදී මිය ගොස් ඇති බව බීබීසීය වාර්තා කරයි.
හින්දි සිනමාවේ දශක පහකට ආසන්න කාලයක් චිත්‍රපට 65කට අධික සංඛ්‍යාවක රඟපෑ දිලිප් කුමාර් ඉතා සිත් ඇදගන්නා සුළු හා මතකයේ රැඳෙන චරිත රඟපාමින් රසික සිත් තුළ ලැඟුම් ගත් අයෙකු වේ.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු ජුනි 30 වන දින රෝහල් ගත කළ අතර මාස ගණනාවක් මුළුල්ලේ නිතර අසනීප විය.
බොලිවුඩයේ ප්‍රවීණ නිළි සයිරා බානු හා දිලිප් කුමාර් යුවලට දරුවන් නොමැති අතර ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝඩිගේ සිට ප්‍රවීණතම නළුවන් සහ රටේ ප්‍රමුඛතම පුද්ගලයින් දිලිප් කුමාර්ගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
දිලිප් කුමාර් තරු එළිය නිමයි
නවතම වීඩියෝ
-
🔴ජනපති සහ ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි - සහයෝගීතාවය ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් 3ක් හුවමාරු කර ගැනේ
-
ලැට් හවුස් නෙවේ මේක ලැටිමා හවුස්..! -විපක්ෂ නායකගේ 22 ප්‍රකාශය
-
අධිකරණ ඇමතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් අරන් ජී.එල්. මාධ්‍ය හමුවට
-
ඩුබායි වලින් පිටුවහල් කළ කොණ්ඩ රංජි CIDයෙන් අත්අඩංගුවට !! මෙන්න කටුණායකින් රැගෙන ආ දර්ශන පෙළ


