දේශීය

කොතලාවල පනත් කෙටුම්පත දෙවන වර කියවීමට අනුමැතිය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ලබන ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය මත මෙසේ එම කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතය.
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ටිරාන් අලස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කරක සභා හමුවට කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාද සහභාගි වී ඇත.
උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරනු පිණිස මෙම 2009 වසරේදී ආරම්භ කළ මෙම විශ්ව විද්‍යාලය ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ඉතා ඉහළ ගුණාත්මකබවකින් යුතුව මේ පාඨමාලා සියල්ල සංවිධානය වන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවේදී පවසා තිබේ.
කෙටුම්පත 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද විවිධ හේතු මත එය කළ නොහැකි වූ බවද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago