දේශීය

කොතලාවල පනත් කෙටුම්පත දෙවන වර කියවීමට අනුමැතිය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ලබන ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය මත මෙසේ එම කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතය.
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ටිරාන් අලස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කරක සභා හමුවට කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාද සහභාගි වී ඇත.
උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරනු පිණිස මෙම 2009 වසරේදී ආරම්භ කළ මෙම විශ්ව විද්‍යාලය ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ඉතා ඉහළ ගුණාත්මකබවකින් යුතුව මේ පාඨමාලා සියල්ල සංවිධානය වන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවේදී පවසා තිබේ.
කෙටුම්පත 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද විවිධ හේතු මත එය කළ නොහැකි වූ බවද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

14 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

14 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago