ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූනි 29 වන දායින් අවසන් වූ සතිය පිළිබඳව නිකුත් කරන ලද COVID-19 නවතම තත්ත්ව වාර්තාවට අනුව ඩෙල්ටා ප්‍රභේදය රටවල් අනූ හයකින් වාර්තා වී ඇති බව අනාවරණය කෙරුණා. ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ ජාන විශ්ලේෂණය (Genomic sequencing) මගින් ප්‍රභේද හඳුනා ගැනීමට යම් රටවලට ඇති පහසුකම් වල අඩුකම නිසා එහි සැබෑ පැතිරීම පිළිබඳව තොරතුරු නොලැබිමට ඉඩ ඇති බව යි. ඒ හේතුව නිසා ම එය වාර්තා වන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රදේශ ගණනක පැතිර ගොස් තිබිය හැකි බව සැක කෙරෙනවා.ලොව පුරා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වුණු රටවල් වල සති අටක් වැනි සුළු කාලයක් තුළ දී පෙර පැවති සියලු වෛරස් ප්‍රභේද අභිබවා ඩෙල්ටා ප්‍රභේදය එම රට තුළ ප්‍රධානතම ප්‍රභේදය බවට පත්වීමට හැකි වී ඇති බැවින් ගෝලීය තත්ත්වය ද ඒ හා සමාන ස්වරූපයක් ගනු ඇතයි සිතිය හැකියි. ඉදිරි මාස කිහිපය ඇතුළත දී මුළු ලොව පුරාම පැතිරී යන ප්‍රධානතම කොවිඩ්-19 වෛරස ප්‍රභේදය ලෙස ඩෙල්ටා පත්වනු ඇති බවට මෙම වාර්තාවේ දී තවදුරටත් පුරෝකථනය කෙරෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ දී දැනට අප ශ්‍රී ලංකාව තුළ ද නිරීක්ෂණය කරනුයේ තරමක අඩු සීග්‍රතාවයකින් වුවත් මෙම නව ප්ප්‍රභේධය පැතිර යාම ආරම්භ වී ඇති බවයි. පෙර කී ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව මෙහි ඇති ගැටලුකාරී ස්වභාවය වනුයේ එය කලින් පැවති ප්‍රභේදවලට වඩා 55% ක වැඩි වේගයකින් පැතිරීම සහ පූර්ණ ලෙස එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා මෙම තත්ත්වය වඩාත් ගැටලූකාරී ලෙස බලපෑ හැකි වීම යි. එම නිසා මේ මොහොතේ දී ශ්‍රී ලාංකිකයින් ලෙස අපට කළ හැකි ප්‍රධානම කාර්යය වන්නේ වන්නේ මෙම ප්‍රභේදය රට පුරා පැතිරී යෑම හැකිතාක් අවම කිරීම සඳහා රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදීම යි. එමෙන් ම කොවිඩ් එන්නතක් සඳහා තමන් සුදුසුකම් ලබා ඇති නම්, ලැබෙන මුල් අවස්ථාවේම එය ලබා ගැනීමෙන් ද මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දෙන්න පුලුවන්.අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත නොවී නිවසෙන් බැහැර ගොස් යලි නිවස වෙත පැමිණෙන සෑම අවස්ථාවකදීම නව වෛරස් ප්‍රභේද අපත් සමඟම නිවසට ඇතුළුවිය හැකි බවයි. මෙමඟින් අවදානමට පත් වන්නේ ඔබේම සමීපතව ආශ්‍රය කරන ඔබගේ දෙමව්පියන්, දූ දරුවන් වැනි ආදරණීයන් බැවින් සෑම විටම රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදිම ඔබේත් ඔවුන්ගේත් ආරක්ෂාව පිණිස ම හේතු වනු නොඅනුමානයි.
Health Promotion Bureau
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…