ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූනි 29 වන දායින් අවසන් වූ සතිය පිළිබඳව නිකුත් කරන ලද COVID-19 නවතම තත්ත්ව වාර්තාවට අනුව ඩෙල්ටා ප්‍රභේදය රටවල් අනූ හයකින් වාර්තා වී ඇති බව අනාවරණය කෙරුණා. ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ ජාන විශ්ලේෂණය (Genomic sequencing) මගින් ප්‍රභේද හඳුනා ගැනීමට යම් රටවලට ඇති පහසුකම් වල අඩුකම නිසා එහි සැබෑ පැතිරීම පිළිබඳව තොරතුරු නොලැබිමට ඉඩ ඇති බව යි. ඒ හේතුව නිසා ම එය වාර්තා වන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රදේශ ගණනක පැතිර ගොස් තිබිය හැකි බව සැක කෙරෙනවා.ලොව පුරා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වුණු රටවල් වල සති අටක් වැනි සුළු කාලයක් තුළ දී පෙර පැවති සියලු වෛරස් ප්‍රභේද අභිබවා ඩෙල්ටා ප්‍රභේදය එම රට තුළ ප්‍රධානතම ප්‍රභේදය බවට පත්වීමට හැකි වී ඇති බැවින් ගෝලීය තත්ත්වය ද ඒ හා සමාන ස්වරූපයක් ගනු ඇතයි සිතිය හැකියි. ඉදිරි මාස කිහිපය ඇතුළත දී මුළු ලොව පුරාම පැතිරී යන ප්‍රධානතම කොවිඩ්-19 වෛරස ප්‍රභේදය ලෙස ඩෙල්ටා පත්වනු ඇති බවට මෙම වාර්තාවේ දී තවදුරටත් පුරෝකථනය කෙරෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ දී දැනට අප ශ්‍රී ලංකාව තුළ ද නිරීක්ෂණය කරනුයේ තරමක අඩු සීග්‍රතාවයකින් වුවත් මෙම නව ප්ප්‍රභේධය පැතිර යාම ආරම්භ වී ඇති බවයි. පෙර කී ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව මෙහි ඇති ගැටලුකාරී ස්වභාවය වනුයේ එය කලින් පැවති ප්‍රභේදවලට වඩා 55% ක වැඩි වේගයකින් පැතිරීම සහ පූර්ණ ලෙස එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා මෙම තත්ත්වය වඩාත් ගැටලූකාරී ලෙස බලපෑ හැකි වීම යි. එම නිසා මේ මොහොතේ දී ශ්‍රී ලාංකිකයින් ලෙස අපට කළ හැකි ප්‍රධානම කාර්යය වන්නේ වන්නේ මෙම ප්‍රභේදය රට පුරා පැතිරී යෑම හැකිතාක් අවම කිරීම සඳහා රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදීම යි. එමෙන් ම කොවිඩ් එන්නතක් සඳහා තමන් සුදුසුකම් ලබා ඇති නම්, ලැබෙන මුල් අවස්ථාවේම එය ලබා ගැනීමෙන් ද මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දෙන්න පුලුවන්.අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත නොවී නිවසෙන් බැහැර ගොස් යලි නිවස වෙත පැමිණෙන සෑම අවස්ථාවකදීම නව වෛරස් ප්‍රභේද අපත් සමඟම නිවසට ඇතුළුවිය හැකි බවයි. මෙමඟින් අවදානමට පත් වන්නේ ඔබේම සමීපතව ආශ්‍රය කරන ඔබගේ දෙමව්පියන්, දූ දරුවන් වැනි ආදරණීයන් බැවින් සෑම විටම රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදිම ඔබේත් ඔවුන්ගේත් ආරක්ෂාව පිණිස ම හේතු වනු නොඅනුමානයි.
Health Promotion Bureau
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…