තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපුර්ණ සමාජයක් ඇති කිරීම, යුක්තිය සඳහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී වගකීම් සහිත පරිපූර්ණ ආයතන ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම යන අරමුණු කරා ගමන් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) අධිකරණ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වී තිබේ.
අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හා එම අමාත්‍යාංශය සහ තිරසර සංවර්ධන සභාවේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු දර්ශක අංක 16 වන ‘සාමය, යුක්තිය හා ශක්තිමත් ආයතන’ යටතේ මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.
‘සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’ යන සංකල්පයේදී තිරසර සංවර්ධන නිර්ණායකයන් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩසටහන් සම්පාදනය කිරීම, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම හා සම්බන්ධීකරණය කිරීම, තිරසර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමට හා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම හා පවතින නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීමේ ආරම්භයක් ලබා ගැනීමට මෙහිදී තීරණය කළ බව රජයේ නිල පුවත් වාර්තා අනාවරණය කළේය.
සාමය, යුක්තිය හා ශක්තිමත් ආයතන ගැන අධිකරණ ඇමතිගේ අවධානය
නවතම වීඩියෝ
-
මගේ හදවතට එකගව නාමල් එක්ක හිටගත්තා - සජබ බලන්ගොඩ ආසන සංවිධායක පොහොට්ටුවට පනියි
-
පාසලක් කියන්නේ ඉගනගන්න තැනක් විතරක් නෙවෙයි දරුවන්ගේ ආරක්ෂාව, ආදරය ලැබෙන තැනක් වියයුතුයි
-
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට බලපෑම් එල්ලවෙන ප්‍රචාරණයන් ගැන මාලිමාවට එරෙහිව පැමිණිල්ලක්
-
දැන් පන්සල්වල පිළිකනුවල, මන්ත්‍රීලගේ කාමරවල කුටු කුටු ගානවා - ස්වාමින්වහන්සේලාටත් කස්සප හිමි සැරවෙයි


