Tuesday, September 8, 2026
Homeදේශීයපාස්කු ඉරිදා ප්‍රහාරයේ සැලැස්ම කලින්ම දැනුම් දීලා

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැලැස්ම කලින්ම දැනුම් දීලා

පාස්කු ඉරුදින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ලවන බවට කලින් අවස්ථා 4 කදී බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

සභානායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ දින 4කදී බුද්ධි තොරතුරු 7ක් ලබා ඇති බවයි අමාත්‍යවරයා එහිදී හෙළිකර ඇත්තේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ඒ බව වට්ස්ඇප් පණිවුඩ මගින් එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය මව්බිම හා අද පුවත්පත් එලෙස වාර්තා කර තිබුණා.

READ:   ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි - අධ්‍යාපන ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්