මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
ඒ අනුව එම අරමුණින් සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (29) එම අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.
මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට ඉරානය මෙහිදී සිය එකඟතාව පළ කර ඇති අතර ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද සිය රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය ඇමතිවරයාට දැනුම් දැනුම් දී ඇත.
ඒ අනුව එම ඉල්ලීම් ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ඉරානයේ සහාය ඉල්ලයි
නවතම වීඩියෝ
-
ඩො.මි.2.5 මුදල් ඇදලා ඉවරයි!! මෙන්න තවත් මංකොල්ලයක්.RDA ගිණුමෙන් මිලියන 380ක් නලින් බණ්ඩාර හෙළිකරයි.
-
හැකර් කියලා දැම්මේ සියුම් විදිහට යටපත් කරන්න!!පාඨලි ඩො.මි.2.5 කොල්ලයගැන නොදන්න පැත්ත සීරුවට ගලපයි.
-
🔴ලාල් ඔබ යවපු එන්තරවාසිය හකුලාගන්න නම් එපා.එහෙම කළොත් ඒක හිරු එක්ක ගහපු ගිවිසුමක් වේවි.
-
අධිවේගි මාර්ගයේ රියදුරන්ට නින්ද යන රහස මෙන්න.


