කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැන නැඟ ඇති දුෂ්කර මොහොත ජය ගැනීම සඳහා බුදුදහමේ සදාතනික ඉගැන්වීම් ජීවිතවලට වඩාත් සමීප කරගන්නා ලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
සිය වෙසක් දින පණිවුඩයෙන් ඒ මහතා මේ බව ප්‍රකාශ කරන අතර එම ප්‍රකාශය පහතින්,
“බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට (26) යෙදී තිබේ. ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව දාන, සීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා වැනි ආමිස පූජාවන්හි ද යෙදෙමින් උත්සවශ්‍රීයෙන් සැමරූ වෙසක් දිනය කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලට සීමා වී සැමරීමට සිදුව තිබේ.
ලෝකයම ගිල ගත් ව්‍යවසනයකින් සුවපත් වීමේ අභියෝගය අප ඉදිරියේ පවතී. මහා පරිමාණයේ ආර්ථික බිඳ වැටීමකට වත්මන් ලෝකය මුහුණ දී තිබේ. ජන ජීවිත බිඳ වැටී තිබේ. සමස්ත ලෝකවාසීන්ටම පෙර පරිදි තම ජීවිත පවත්වාගෙන යෑම දුෂ්කරව පවතී.
එම නිසා ලොව ඉදිරියේ පවතින මහා අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි සමස්ත ලෝකවාසීන් තුළම ගැඹුරු මානසික පරිවර්තනයක් සිදුවිය යුතුව තිබේ. විශේෂයෙන් පරිභෝජන රටාවෙහි බරපතළ වෙනස්කමකට සූදානම් විය යුතුය. අල්පේච්ඡතාව හුරු පුරුදු විය යුතුය. සංයමය, ඉවසීම, දුකට සැපට සම සේ මුහුණ දීම ඒ පරිවර්තනයට ඇතුළත් විය යුතු ය. බුදු වදන් නුවණින් විමසමින් එකී පරිවර්තනයට ලෝකවාසී බෞද්ධ ජනතාවට සූදානම් වීමට සුදුසුම මොහොත මෙම වෙසක් සමයය.
බුදුන්ගේ පා පහස තෙවරක් ලැබූ, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාව පිහිටි මෙපින්බිමෙහි බෞද්ධ ජනතාවට ඉහත පරිවර්තනයට පහසුවෙන් නැඹුරු විය හැකි ය. ඒ මෙපින්බිම සැමදා පෙරට ගියේ බෞද්ධ සභ්‍යත්ව උරුමය මත පා තබමින් නිසාය. එබැවින් මේ දුෂ්කර මොහොතේ බුදුදහමේ ඉගැන්වීම් අන් කවරදාටත් වඩා අප ජීවිතවලට ආදේශ කරගනිමින් මතුව ඇති ව්‍යවසනයට සාර්ථකව මුහුණ දිය හැකි සමත්කම් සහිත ඇත්තන් වීමට මෙරට බෞද්ධ ජනතාව බලවත්ව අදිටන් කරගත කර ගත යුතුව තිබේ.“
A valid URL was not provided.


