Categories: දේශීය

පිටතින් දේ නිවෙසට ගන්නා විට පරෙස්සම් වන්නේ මෙහෙමයි

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව නව සෞඛ්‍යාරක්‍ෂිත ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව නිවසේදී මෙන්ම ගමන් බිමන්වලදීත්, බාහිර ස්ථාන හා රැකියා ස්ථානවලදීත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව එම කාර්යාංශය සඳහන් කරයි.

මෙහිදී හැකි සෑම විටම නිවසේ රැඳී සිටීම වැදගත් බවත් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරවීම නොකළ යුතු බවත් ඔවුන් පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන පරිදි ඔබ නිවසේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මෙසේය.

* ඔබට සුළු හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් නිවසේම රැඳී සිටින්න. නිවසේ අන් අයගෙන් වෙන්ව සිටීම හා වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකරන්න.

* නිවසේ දොර ජනෙල් හැකි සෑම විටම හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ විවෘත කර තබන්න.

* පවුලේ වයස්ගත සහ නිදන්ගත රෝග ඇති සාමාජිකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

* සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සහාය සදහා වූ ජාතික හා ප්‍රාදේශීය සංවිධාන හා නිලධාරීන්ගේ වැදගත් දුරකතන අංක ලැයිස්තුවක් සාදාගන්න.

* නිවසින් පිටතට යන විට රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය අවම කරන්න.

* නිවසින් පිටතට ගොස් පැමිණි විගස දෑත්වල සබන් ගා අවම වශයෙන් තත්ත්පර 20ක් සෝදන්න.

* ඇඳ සිටි ඇඳුම් සොදා දැමීම, පිටතට රැගෙන ගිය බඩු බාහිරාදිය නිවසේ හෝ දොරටුව අසල තබා ඇති පෙට්ටියකට දමන්න.

* ජංගම දුරකතනය විෂබීජ නාශකයක් යොදා පිරිසිඳු කරන්න.

* අසල්වැසි නිවෙස්වලටයාමෙන් හා අනවශ්‍ය ඒකරාශීවීම්වලින් වළකින්න.

lankadepa

Recent Posts

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

12 hours ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

14 hours ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

14 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

14 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

1 day ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

1 day ago