ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන රජයේ පොදු ගොඩනැගලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ දිනයේ අමාත්‍යංශ නිල්ධරින් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිළධාරීන් සමග පවත්වනු ලැබුණි.
මේ වන විට හඳුනාගත් රජයේ ගොඩනැගලි යටතේ ජාතික පාසල්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරැ විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම් නියෝජනය කරන අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන සහ වෙනත් රජයේ ගොඩනැගලි වලින් 90% මැනුම් කටයුතු අවසන් කර ඇති අතර සියලුම මැනුම් කටයුතු අප්‍රේල් මස 15වන විට අවසන් වේ.
මෙම ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව මගින් සිදු කරන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදී ගැනීම ඔවුන් විසින් ප්‍රසම්පාදනය සිදු කරයි. රජයේ රෝහල් සහ පළාත් පාසැල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුලත්ව තිබුනත් මෙවැනි ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා මගින් සිදු කරන අතර එමගින් එම ගොඩනැගලි ඇතුලත් වේ.
:බලශක්ති අමාත්‍යාංශය


