කොවිඩ් 19 වසංගතයට ප්‍රතිශක්තිය ලබා දීම සඳහා චීනයේ නිෂ්පාදනය කර මෙරටට ගෙන්වූ ‘සිනෝෆාම්’ එන්නත මෙරට වසන චීන ජාතිකයන්ට කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම ප්‍රදේශවලදී ලබා දීමට ආරම්භ කර තිබේ.
චීන ජාතිකයින් 4500කට පමණ ඒ අනුව එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


