දේශීය

ආර්කේඩ් පරිශ්‍රයත් ගජමිතුරෙකුට

වත්මන් පාලනය කොළඹ ආර්කේඩ් පරිශ්‍රය තම හිතවත් ව්‍යාපාරිකයෙකුට හොර රහසේ ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රාජ්‍ය දේපළ කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශීය කිසිවෙකුට විකුණන්නේ නොමැති බවට දිවුරමින් බලයට පැමිණි වත්මන් නායකයින්ට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිදු පුද්ගලයෙකුට මෙලෙස රාජ්‍ය දේපළ පැවරිය නොහැකි බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරියේදී නිදහස් චතුරස්‍රයද තම ගජමිතුරෙකුට විකුණා දැමීමට වත්මන් නායකයින් ක්‍රියාකරනු ඇති බව පෙන්වා දුන්නේ ඊයේ (25) සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.
“මේ ආණ්ඩුව බලයට පත්වුණේ කොහොමද? රාජ්‍ය දේපොළ කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශීය කිසිවෙකුට විකුණන්නෙ නෑ කියල පපුවට අත ගහගෙන පොරොන්දු දීල තමයි ආවෙ. ආර්කේඩ් ස්ථානය ඉස්සර මානසික ආරෝග්‍ය ශාලාවක්. ඊට පස්සෙ ඒක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පාවිච්චි කළා. පොලීසිය පාවිච්චි කළා. ඊට පස්සෙ ඒක වාණිජ මධ්‍යස්ථානයක් හැටියට දියුණු කළා. ඒ සඳහා මගේ මතකයේ හැටියට රුපියල් මිලියන 650කට අධික ප්‍රමාණයක් වියදම් කළා ආණ්ඩුව. ඒ වගේම 1987-89 කාලේ වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය රේස් කෝස් එක ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 500 කට අධිකව වියදම් කළා. අද ලොකුවට කතා පැවැත්තුවට, මේක විවෘත කරන දවසේ පවත්වපු උත්සවයට චිර ප්‍රසිද්ධ සංගීත ප්‍රධානීන් දෙදෙනෙකුට විතරක් කෝටි 05ක් ගෙවල තියෙනවා. නමුත් එහි කිසිම ආකාරයකට වාණිජ ස්ථානයක් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබුණෙ නෑ.” යයි ඇමතිවරයා එහිදී පැවසීය.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

10 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

11 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago