නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එමෙන්ම සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස 01න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අද දිනයට අදාළව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකිි බවත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට නිවේදනය කර සිටී.


