ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීමේදී ලබා දුන් බදු සහනයෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 50ක වන්දියක් ලබා දෙන ලෙස මුදල් ඇමතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 09 දෙනෙකුට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
අදාළ බදු සහනයෙන් රජයට රුපියල් කෝටි 1595කට අධික බදු මුදලක් අහිමි වී ඇති බවත් එයට වග කිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනු කර ඇත.
මුදල්ය ඇමති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පිරමීඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
සීනි පාඩුව අය කරගන්නැයි ජවිපෙ පෙත්සම් ගසයි
නවතම වීඩියෝ
-
🔴පොඩි බඩගින්නටත් ක්‍රීම් ක්‍රැකර් හොදයිද??නඩු දාන්න වගන්තියක්.!!වෛද්‍ය සංජීවගෙන් විශේෂ පණිවිඩය ඔබට
-
🔴ජීවිතයේ ලොකුම ත්‍යාගය ලැබෙන්නේ!!ජනපති අතින් හිමිකම්පත්දී දුන් පොරොන්දුව ගැන සමන්ත මතක් කර කිව්ව දේ.
-
විශ්වාස කරන්න බැරි තරම් ලොකු සම්මන්ත්රණ ශාලාව,ප්‍රොෆට් ජෙරම්ගේ මිර්කල් ඩෝම් සංජය මහවත්ත පුදුම කරයි
-
ජනපති දැඩි පීඩනයකින් දැඩි ආවේගයකින් කථා කරන්නේ ඇයි??ජනපතිගේ රැස්වීම් ගැන ගැමුණු පරපුර කිව්වදේ.


