පරිසරයට හානි සිදුකරන සියලුම ආකාරයේ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කර ඇත.
මේවන විට යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන දෛනික රාජකාරිවලට අමතරව මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව පසුගිය දින කීහිපය තුළ යුද්ධ හමුදා භට පිරිස් සිදුකළ මෙහෙයුම්වලින් පරිසරයට හානි සිදුකරමින් නීති විරෝධී කටයුතුවල නිරත විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාර දී ඇත. ඔවුන් නීතිවිරෝධී වැලිගොදැමීම් සහ ප්‍රවාහනය කිරීම, දැව ජාවාරම, ආදී නීතිවිරෝධී කටයුතුවල නිරතවූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව 2021 වසරේ ගතවූ කාලය තුළ පරිසර හානි සිදුකරමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් 116 දෙනෙකු යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. ඊට අමතරව ට්‍රැක්ටර් රථ 17ක්, පාපැදි 15ක්, ඩෝසර් 06ක්, ට්‍රක් රථ 05ක්, ලොරි රථ 04ක්, ටිපර් 03ක්, කැබ් රථ 02ක්, යතුරුපැදි / ත්‍රීවිලර් සහ අත්ට්‍රැක්ටර් 01 බැගින් යුද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාහයේ තිරසර පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මෙරට වන ගහණය ඉහළ දැමීම වෙනුවෙන් විශාල වැඩකොටසක් යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරනවා සේම පරිසර හානි සිදුකරමින් විවිධ ජාවාරම්වල නිරතවූවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන්ද යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
දිනමිණ
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…