Friday, April 24, 2026
Homeදේශීයපරිසර හානි නවත්වන්න යුද හමුදාවෙන් මෙහෙයුම්

පරිසර හානි නවත්වන්න යුද හමුදාවෙන් මෙහෙයුම්

පරිසරයට හානි සිදුකරන සියලුම ආකාරයේ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භ‌ට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කර ඇත.

මේවන විට යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන දෛනික රාජකාරිවලට අමතරව මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව පසුගිය දින කීහිපය තුළ යුද්ධ හමුදා භට පිරිස් සිදුකළ මෙහෙයුම්වලින් පරිසරයට හානි සිදුකරමින් නීති විරෝධී කටයුතුවල නිරත විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාර දී ඇත. ඔවුන් නීතිවිරෝධී වැලිගොදැමීම් සහ ප්‍රවාහනය කිරීම, දැව ජාවාරම, ආදී නීතිවිරෝධී කටයුතුවල නිරතවූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව 2021 වසරේ ගතවූ කාලය තුළ පරිසර හානි සිදුකරමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් 116 දෙනෙකු යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. ඊට අමතරව ට්‍රැක්ටර් රථ 17ක්, පාපැදි 15ක්, ඩෝසර් 06ක්, ට්‍රක් රථ 05ක්, ලොරි රථ 04ක්, ටිපර් 03ක්, කැබ් රථ 02ක්, යතුරුපැදි / ත්‍රීවිලර් සහ අත්ට්‍රැක්ටර් 01 බැගින් යුද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත. ‍

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාහයේ තිරසර පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මෙරට වන ගහණය ඉහළ දැමීම වෙනුවෙන් විශාල වැඩකොටසක් යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරනවා සේම පරිසර හානි සිදුකරමින් විවිධ ජාවාරම්වල නිරතවූවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන්ද යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

දිනමිණ

READ:   නතාශා සහ බෲනෝ නිදහස ලැබීමේ ලුහුඬු පුවත.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්