“ඔබතුමා ඔහොම හැසිරෙන්න එපා. බලාගෙන ඉන්නේ ඔබතුමාගේ ඔය මුලසුනේ කාර්යභාරය ගැන. අඩුම තරමේ ඔබතුමා ඒක නතර කරන්න ඕන. ඒක ප්‍රශ්නයක් කියලා මතු කරනකොට මට ඉඩ දෙන්න ඕන. ඔබතුමාගේ ඩියුටිය ඒක. ඔබතුමා ආණ්ඩු පක්ෂයේ සංවිධායකයෙක් නෙවෙයි. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන මුලසුනේ ප්‍රධානියා. එක්කෝ ඔබතුමා ඒ විකාරෙ නවත්තන්න ඕන.”
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව ඊයේ (12) පැවසුවේ මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අතර පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදයක් අතරතුරදීය.
ටයිල් හා සනීපාරක්ෂක උපාංග ආනයනය පිළිබඳව පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදය පැය 24ක් යෑමට පෙර අවලංගු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා මුදල් රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර මුදල් රාජ්‍ය ඇමතිවරයා 88-89 භීෂණ වකවානුව පිළිබඳව කරුණු දැක්වීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 88, 89 පිළිබඳව විවාදයක් අවැසි නම් ඒ සඳහා තමන් සූදානම් බවද එහිදී පැවසීය.
අනුර කුමාර කථානායකගේ කාර්යභාරය සිහි කරයි
නවතම වීඩියෝ
-
රුමේෂ් තරංගගේ විනාශ වු හෙල්ල කිහිපයට හෙල්ල කට්ටලයක් කඩිනමින් දීමට ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්.
-
ජනපති පොළොන්නරුවෙදී කී මේ අවුරුද්දේ ඉදිකරන විශාල වැව් ප්රමාණයට මුදල් වෙන් කරලද?
-
සජිත් නිවාස ඇමති කාලේ කරපු අවුලක් කොළඹ DCC එකේ ඇදෙයි - ඒ කාලේ කතා කරගෙන ගහපු ගේම්
-
🚨ඇහේ ඉඳන් ඉන්දියාවට දෙන්න යන්නේ..ගහපු 7ක් තාම කීවේ නෑ.-අලුත්ම එක හෙළිකරන් ජනඅරගලේ මහ කො.කාර්යාලෙ ඉස්


