Monday, September 14, 2026
Homeදේශීයමහ කන්නයට අවශ්‍ය පොහොර ඇනවුම් කර හමාරයි - කෘෂිකර්ම අමාත්‍ය

මහ කන්නයට අවශ්‍ය පොහොර ඇනවුම් කර හමාරයි – කෘෂිකර්ම අමාත්‍ය

ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි කලට ලබා ගැනීම සඳහා දැනටමත් ඇනවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අවශ්‍ය කාබනික හා රසායනික පොහොර ඇනවුම් කර තිබෙන නිසා කිසිදු සැකයකින් තොරව මහ කන්නය සඳහා ගොවීන්ට වැඩ ආරම්භ කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයීම සම්බන්ධයෙන් ගෙවුණු 29 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

READ:   ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට යූරෝ ලක්ෂ 07ක ආධාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්