
ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසා දරුවන් සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.
ලෝක ළමා හා වැඩිහිටි දිනය ආරම්භ වුනේ කොහොමද..?
1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී. මේ සඳහා බොහෝ රටවල ඔක්තෝබර් පළවෙනි දවස තෝරාගත් නමුත්, හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනය තෝරා ගත්තේ නැහැ.
ළමා දිනය වැදගත් ඇයි..?
දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.
දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි..?
දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.
අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළු වලටත්, දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙළා ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටි ප්‍රජාවටත් තම යහපත් ප්‍රාර්ථනා ඉටු කරගැනීමට අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයේ සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී උපහාරයක්ම වේවා.
උපුටා ගැනීමකි


